Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්
    Featured

    තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්

    By LFNNovember 20, 2024No Comments2 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    10වන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා බ්‍රහස්පතින්දා (21) පෙරවරු 9.00 වනවිට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි.

    බ්‍රහස්පතින්දා පෙරවරු 10.00ට 10වන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම පැවැත්වීමට නියමිත ය.

    පාර්ලිමේන්තුව කරා පැමිණීමෙන් පසු මන්ත්‍රීවරුන්ගේ රථ පොලිස් නිලධාරීන් විසින් නියමිත රථගාලට යොමුකරන බවත් අනතුරුව මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ප්‍රවේශ ශාලාවට පැමිණ ඝනපූර්ණ සීනුව නාදකරන තෙක් එහි රැඳීසිටිය යුතු බවත් මහලේකම්වරිය දැනුම් දී තිබුණාය.

    මෙලෙස පැමිණෙන මන්ත්‍රීවරුන් ඔවුන්ගේ කාලත්‍රයා සමග පැමිණෙන්නේ නම් පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩල ප්‍රවේශ ද්වාරය අසලදී සිය රථ වාහනවලින් බැසිය යුතු අතර අනෙකුත් මන්ත්‍රීවරුන් මන්ත්‍රී ප්‍රවේශ ද්වාරය අසලදී සිය රථවලින් බැසිය යුතුය.

    මේ අතර නව පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද (19) සහ හෙට (20) තොරතුරු කවුළුවක් ස්ථාපිත කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පවසන්නීය.

    ඇය පෙන්වා දෙන්නේ අද සහ හෙට පෙරවරු 09.30 සිට පස්වරු 3.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම කවුළුව ක්‍රියාත්මක බවය.

    එහිදී සියලු මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු ලිපි ලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළ ඇඟිලි සලකුණු ලබා ගැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතය.

    මේ අතර නව රජයේ මංගල කැබිනට් රැස්වීම අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.

    එහිදී නව ආණ්ඩුවේ තනතුරු කිහිපයක් සඳහා මන්ත්‍රීවරුන් පත් කර තිබුණි.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මංගල අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වූ අතර පෙරවරු 10.30ට පමණ ආරම්භ වූ මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැය 2කට අධික කාලයක් පැවති බව වාර්තා විය.

    ඒ අනුව නව රජයේ අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත් කර තිබුණි.

    එමෙන්ම නලින්ද ජයතිස්ස මහතා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ද පත් කර ඇත.

    අමාත්‍ය බිමල් රත්නායක මහතා සභානායක ලෙස පත්කර තිබේ.

    මේ අතර 10වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා පත් කිරීමට යෝජනා කර ඇති බව සඳහන් ය.

    නියෝජ්‍ය කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක පත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.