Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෙක්සිකෝවේ අනතුරකින් 21 දෙනෙකු මරුට

    May 15, 2025

    වාලම්පුරි 2ක් විකිණීමට ගත් වෑයම පොලීසියට හසුවෙයි

    May 15, 2025

    පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

    May 15, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලොහාන්ගේ ඇප ඉල්ලීමට ලැබුණු පෙත්සමට විරෝධතා ගොනු කිරීමට දින දෙයි
    Featured

    ලොහාන්ගේ ඇප ඉල්ලීමට ලැබුණු පෙත්සමට විරෝධතා ගොනු කිරීමට දින දෙයි

    By LFNNovember 19, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී ලියාපදිංචි නොකළ වාහනයක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමට විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය අද (19) නීතිපතිවරයාට කල් ලබා දුන්නේය.

    මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා සති හතරක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීමට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජේ රාජරත්න මහතා විරුද්ධ වී ඇති අතර ඒ වෙනුවෙන් කෙටි දිනයක් ලබා දෙන ලෙසත් නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඒ අනුව නොවැම්බර් 29 වනදාට පෙර විරෝධතා ගොනු කරන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කළ අභියාචනාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 9 වනදා කැඳවන ලෙස නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වාලම්පුරි 2ක් විකිණීමට ගත් වෑයම පොලීසියට හසුවෙයි

    May 15, 2025

    පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

    May 15, 2025

    අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

    May 15, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,895 Views
    Don't Miss

    මෙක්සිකෝවේ අනතුරකින් 21 දෙනෙකු මරුට

    May 15, 20250110 Views

    මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. බස් රථයක්,…

    වාලම්පුරි 2ක් විකිණීමට ගත් වෑයම පොලීසියට හසුවෙයි

    May 15, 2025

    පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

    May 15, 2025

    අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

    May 15, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.