Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගෑස් සිලින්ඩරේ ගිනි ගනී – රවීගේ නිවසට ආරක්ෂාව
    Featured

    ගෑස් සිලින්ඩරේ ගිනි ගනී – රවීගේ නිවසට ආරක්ෂාව

    By LFNNovember 19, 2024No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සභිකයින් නම් කිරීම මේ වනවිට අභ්‍යන්තර අර්බුදයක් දක්වා ඔඩුදුවා තිබේ.

    ඒ, ඔවුන්ට හිමිවූ සීමිත මන්ත්‍රී ධුර සංඛ්‍යාව නියෝජනය කිරීම සඳහා විශාල පිරිසක් කැමැත්තෙන් පසුවීම හේතුවෙනි.

    ජාතික ලැයිස්තුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 2ක් සහ සමගි ජන බලවේගයට ආසන 5ක් හිමිවිය.ක

    ඊට අමතරව, සන්ධානගතව තරග කළ පාර්ශ්වයන්ගේ අනුමැතියකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා නම් කළ රවී කරුණානායක මහතාගේ නම ඊයේ (18) රාත්‍රියේ ගැසට් මඟින් ප්‍රකාශයට පත්කළේය.

    පසුගිය මහ මැතිවරණයෙන් ඒ ඒ දේශපාලන පක්ෂවලට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නියෝජිතයින් නම් කිරීම අර්බුදයකට ලක්ව ඇත්තේ ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණයට තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේයි.

    ඊයේ දිනයේදී එම අර්බුදය උත්සන්න වූයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම පක්ෂයේ මහ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව යොමු කිරීමත් සමගයි.

    එහෙත් ඔහුගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා යොමුකර ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂවල සහ තමාගේ කිසිදු අනුමැතියකින් තොරව අත්තනෝමතික ආකාරයකට බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පෙරමුණේ නියෝජිතයන්ට දැනුම් දී තිබුණි.

    ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ශ්වකරුවන් අද කොළඹදී රැස්වී රවී කරුණානායක මහතා නම් කර යැවීම ඇතුළු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

    එවන් පසුබිමක මැතිවරණ කොමිෂන් සභාව ඊයේ රාත්‍රියේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස රවී කරුණානායක මහතාගේ නම ගැසට් මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.

    කෙසේ වෙතත්, අද පෙරවරුවේ රවී කරුණානායක මහතාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වුණි.

    මේ අතර, රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවස අසළට අද පෙරවරුවේ ආරක්ෂාව යොදවා තිබෙන අයුරු දැකගත හැකිවුණි.

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කර – තේරී පත් නොවූ කංචන විජේසේකර මහතා පොදුජන එක්සත් නිදහස් පෙරමුණ පාර්ශ්වය වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කිරීමට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

    මේ අතර, සමගි ජන බලවේගයද මෙතෙක් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 05 සඳහා කිසිවෙක් නම් කර නැහැ.

    මෙවර මහ මැතිවරණයට සමගි ජන බලවේගය සමග පාර්ශ්ව රැසක් සන්ධානගතව තරග කළ අතර, එම පාර්ශ්වයන්ගෙන් කිහිප දෙනෙකු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ඉල්ලා සිටීම හේතුවෙන් ඔවුන්ද මේ වනවිට නියෝජිතයින් නම් කිරීම සම්බන්ධ අර්බුදයකට මුහුණ පා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.