Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමුවෙයි

    May 6, 2026

    කච්චතිව් මතක්කරමින් විජේට සුබ පැතූ ජීවන්

    May 6, 2026

    පොලිස් ත්‍යාග අරමුදලට විද්ද කොස්තාපල් අත්අඩංගුවට

    May 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නගර සභා සේවකයෙකු ව වෙඩි තබා ඝාතනය කළ දෙදෙනෙක් අල්ලයි
    Featured

    නගර සභා සේවකයෙකු ව වෙඩි තබා ඝාතනය කළ දෙදෙනෙක් අල්ලයි

    By LFNNovember 19, 2024No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙහිවල ගල්කිස්ස නගර සභාවේ සේවකයෙකු ව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව ගුවන් හමුදා සෙබළෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය සැප්තැම්බර් මස 20 වන දින දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අනුර කොස්තා නම් 46 හැවිරිදි අයෙකි.

    සැකකරුවන් සමග වෙඩි තැබීමට යොදාගත් විදේශීය රටක නිෂ්පාදිත ගිනිඅවියක්, පතරොම් හයක් මෙන්ම සැකකරුවන් වෙඩි තැබීමට පැමිණි යතුරුපැදියද කොටස් කර තිබියදී පොලීසිය සොයාගෙන තිබේ.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (18) දා හෝමාගම පනාගොඩ යුධ හමුදා කඳවුර ආසන්නයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    එහිදී ඔහු සතු ගමන් මල්ලක තිබී ඝාතනය සඳහා යොදාගත් බවට සැක කෙරෙන ගිනිඅවිය සහ පතරොම් හයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    ඒ අනුව සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු අනුව ඝාතනය සඳහා එම සැකකරු සමග යතුරුපැදියෙන් පැමිණි අනෙක් පුද්ගලයා අතුරුගිරිය මොරටුවාහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී එම යතුරුපැදිය කොටස් කීපයකට ගලවා පාදුක්ක ප්‍රදේශයේ පිහිටි ගුවන් හමුදා සෙබලා පදිංචි කුලී නිවාසයේ සඟවා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බඩෝවිට අසංක නැමැත්තා සහ අසන්ත කුමාර නොහොත් ලැටා යන පුද්ගලයන් විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

    අත්අඩංගුවට ගත් ගුවන් හමුදා සෙබලා හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අනෙක් සැකකරු අතුරුගිරිය පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමුවෙයි

    May 6, 2026

    පොලිස් ත්‍යාග අරමුදලට විද්ද කොස්තාපල් අත්අඩංගුවට

    May 6, 2026

    ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

    May 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමුවෙයි

    May 6, 202600 Views

    මෙරට ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනයන්හි නව්‍යකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය ලබා දෙන බව…

    කච්චතිව් මතක්කරමින් විජේට සුබ පැතූ ජීවන්

    May 6, 2026

    පොලිස් ත්‍යාග අරමුදලට විද්ද කොස්තාපල් අත්අඩංගුවට

    May 6, 2026

    ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

    May 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.