නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා ගේ නම ගැසට් කර තිබේ.
මැතිවරණ කොමිසම විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
කෙසේ වෙනතත් අදාළ මන්ත්රීධුරය සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා පත් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හෝ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කළ කිසිවෙක් නොදන්නා බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
ඔහු පැවසුවේ මේ සම්බන්ධව හෙට දිනයේදී පක්ෂ නියෝජිතයින් සමග සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගනු ඇති බවය.