Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගාල්ලේ සංචාරක කර්මාන්තයට ගවයන් හා සුනඛයන්ගෙන් බලපෑම්
    Featured

    ගාල්ලේ සංචාරක කර්මාන්තයට ගවයන් හා සුනඛයන්ගෙන් බලපෑම්

    By LFNNovember 18, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාල්ලට පැමිණෙන විදෙස් සංචාරකයින්, ගාල්ල කොටුවේ සහ නගරයේ අයාලේ සැරිසරන ගවයින් සහ සුනඛයින් නිසා දැඩි අපහසුතාවට පත්වන බව ජනතාව පෙන්වා දෙයි.

    ඔවුන් පවසන්නේ සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයක් පෙන්නුම් කරන අවස්ථාවක මෙවැනි ගැටලුවලට කඩිනම් විසඳුම් සැපයීමට බලධාරීන් පියවර ගත යුතු බවය.

    සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව 2024 වසරේ මේ දක්වා දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,682,482කි.

    නොවැම්බර් මාසයේ පළමු දින 10 තුළ පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 61,767ක් වේ.

    ශීත සෘතුවේ ආරම්භයත් සමගම යුරෝපා සංචාරකයින්ගේ පැමිණීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර එය ඉදිරියේදී තවදුරටත් වැඩිවනු ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පුරෝකථනය කරයි.

    එමෙන්ම ලබන වසරේ මෙරටට සංචාරකයන් ලක්ෂ 25ක් ගෙන්වාගැනීම රජයේ ඉලක්කයයි.

    එවැනි වාතාවරණයක මෙරට ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙසින් ලොව ප්‍රචලිත දකුණු ලකේ අග නගරය වන ගාල්ල සංචාරක කලාපය ආශ්‍රිතව සංචාරකයින් අපහසුතාවට පත්වන සිදුවීමක් ප්‍රදේශවාසීන් අනාරවණය කරයි.

    ඒ් ගාලු කොටුව හා නගරය ආශ්‍රිතව අයාලේ සැරිසරන ගවයින්ගෙන් සහ සුනඛයින්ගෙන් ඇතිවී ඇති තර්ජනයයි.

    ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.