Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමුවෙයි

    May 6, 2026

    කච්චතිව් මතක්කරමින් විජේට සුබ පැතූ ජීවන්

    May 6, 2026

    පොලිස් ත්‍යාග අරමුදලට විද්ද කොස්තාපල් අත්අඩංගුවට

    May 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රීලන්කන් ගුවන් යානා කිහිපයක තාක්ෂණික දෝෂ
    Featured

    ශ්‍රීලන්කන් ගුවන් යානා කිහිපයක තාක්ෂණික දෝෂ

    By LFNNovember 18, 2024No Comments2 Mins Read110 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ශ්‍රීලන්කන් ගුවන් යානා කිහිපයක ඇති වු තාක්ෂණික දෝෂ හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබේ.‍

    ගුවන් යානා 3ක් තාක්ෂණික දෝෂවලට ලක්වීම නිසා, ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති අතර තවත් ගුවන් ගමන් වාර කිහිපයක් ප්‍රමාදවීම්වලට ලක් වී ඇති බව ශ්‍රීලන්කන් ගුවන් සේවා ප්‍රකාශකවරයෙකු පැවසුවේය.

    සෑම ගුවන් යානයක්ම තම ගුවන් ගමන නිමා කිරීමෙන් පසු තාක්ෂණික ඇගයීම් පරීක්ෂා කිරීමකට ලක්කෙරෙන අතර, එහිදී ඇතැම් ගුවන් යානාවල සිදුකළ යුතු අත්‍යාවශ්‍ය තාක්ෂණික නඩත්තු කිරීම් සඳහා තරමක කාලයක් ගත වන බවත්, ඒ අනුව මෙම ගුවන් යානා 3 එම තාක්ෂණික නඩත්තු කටයුතු සඳහා යොමු කර ඇති බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ හේතුවෙන් ඊයේ (17) රාත්‍රී 06.35ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 123 දරන ගුවන් ගමන සහ යළිත් රාත්‍රී 10.15ට චෙන්නායි සිට කටුනායක වෙත පැමිණීමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 124 ගුවන් ගමන අවලංගු කර ඇති බව සඳහන්ය.

    මීට අමතරව රාත්‍රී 10.10ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 196 දරන ගුවන් ගමන සහ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට රාත්‍රී 10.20ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් ගමන ද අවලංගු කර තිබේ.

    මේ පිළිබඳ ශ්‍රීලන්කන් ගුවන් සේවය, මෙම ගුවන් යානාවලින් ගමන් පහසුකම් සලසා ගන්නා මගීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, කඩිනමින් මෙම ගුවන් ගමන්වල නිරත වීමට අවශ්‍ය ගුවන් මගීන්, වෙනත් විකල්ප ගුවන් යානා මඟින්, එම ගමනාන්තයන් වෙත යොමු කිරීමට ද ශ්‍රීලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමුවෙයි

    May 6, 2026

    පොලිස් ත්‍යාග අරමුදලට විද්ද කොස්තාපල් අත්අඩංගුවට

    May 6, 2026

    ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

    May 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමුවෙයි

    May 6, 202600 Views

    මෙරට ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනයන්හි නව්‍යකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය ලබා දෙන බව…

    කච්චතිව් මතක්කරමින් විජේට සුබ පැතූ ජීවන්

    May 6, 2026

    පොලිස් ත්‍යාග අරමුදලට විද්ද කොස්තාපල් අත්අඩංගුවට

    May 6, 2026

    ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

    May 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.