Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගුරුවරියන් දෙදෙනා කළ අමානුෂික පහරදීම සිසුවියකට දිවි අහිමි කරයි
    Featured

    ගුරුවරියන් දෙදෙනා කළ අමානුෂික පහරදීම සිසුවියකට දිවි අහිමි කරයි

    By LFNNovember 17, 2024No Comments2 Mins Read167 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෙන්නප්පුවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනෙකුගේ පහරදීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව සිටි සිසුවියක් රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පු ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි රමේෂා දිනිති නම් සිසුවියකි.

    මියගිය දැරියගේ දේහය පිළිබඳව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, මොළයට රුධිරය වහනය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවය.

    ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිට ඇප මත මුදාහැර සිටි ගුරුවරියන් දෙදෙනා නැවතත් පසුගිය 14 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ බව පොලීසිය පවසයි.

    ඇයගේ පන්තිභාර ගුරුවරිය හා තවත් ගුරුවරියක සිදුකළ මෙම අමානුෂික පහරදීම පිළිබඳව මාධ්‍ය පසුගිය අගෝස්තු මස 23 වනදා වාර්තා කළේය.

    එහිදී අදාළ දැරිය තවත් සිසුවියක් සමගින් පන්ති කාමරයෙන් පිටතට ගොස් නැවත පැමිණීමට විනාඩි 20කට අධික කාලයක් ගත වූ බවත් ඒ පිළිබඳව විමසීමේදී පරස්පර කතාකීම හේතුවෙන් ඇයට පහරදී අව්වේ දණ ගැස්සවූ බවත් ගුරුවරියන් දෙදෙනා පොලීසිය හමුවේ පවසා තිබුණි.

    අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ වෙන්නප්පුව පොලීසිය ආදළ ගුරුවරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

    අනතුරුව 39 හා 57 යන වයස්වල පසුවන සැකකාර ගුරුවරියන් දෙදෙනා අධිකරණය මගින් ශරීර ඇප මත මුදාහැරුණේ පසුගිය සැප්තැම්බර් මස 13 වනදාය.

    අදාළ පහරදීම පසුගිය අගෝස්තු මස 9 වනදා සිදුව තිබූ අතර පහරදීම හේතුවෙන් සිසුවිය මූලික ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කරනු ලැබීය.

    එහිදී ඇයගේ හිසට සැත්කමක් සිදුකර ඇති අතර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර තිබුණි.

    එහි ප්‍රතිකාර ලබමින් සිටින විට පොලිස් නිලධාරීන් තෙවතාවක් සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා රෝහල වෙත ගිය ද එය ව්‍යර්ථව ගොස් තිබුණේ, ඇය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීම හේතුවෙනි.

    අනතුරුව දැරියව භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා රාගම රෝහලට මාරුකර තිබේ.

    පොලීසිය පැවසුවේ, සිසුවිය රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය නොවැම්බර් 13වනදා රාත්‍රියේ මියගොස් ඇති බවය.

    මියගිය සිසුවියගේ දේහය පසුගිය (15) පස්වරුවේ ඥාතීන්ට භාර දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.