Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දුම්රිය අනතුරින් දෙදෙනෙකු දිවි අහිමි වෙයි
    Featured

    දුම්රිය අනතුරින් දෙදෙනෙකු දිවි අහිමි වෙයි

    By LFNNovember 16, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාතර සිට ගාල්ල දක්වා ධාවනය වු දුම්රියක ඊයේ (15) පස්වරු 6.20ට පමණ වැලිගම පොල්අත්ත දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරි රථයක් ගැටිමෙන් එකම පවුලේ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    අනතුරින් තුවාල ලැබු එම පවුලේ අනෙක් සිව්දෙනා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් කාන්තාවකගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙම පිරිස තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ගාල්ල ප්‍රදේශයේ සිය ඥාති නිවසකට ගොස් නැවත සිය නිවස බලා ගමන් කරමින් සිටියදි මෙම අනතුරට මුහණ දී තිබේ.

    ⁣දුම්රියක් පැමිණෙන බවට සංඥා එළි දැල්වෙමින් තිබියදී දුම්රියක් පැමිණෙන බවට අසල සිටි පිරිස පවසද් දීත් මෙම ලොරි රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය ⁣කිරීමට උත්සාහ කිරීමේ දී මෙම අනතුර සිදුව ඇතැයි වැලිගම පොලීසිය පවසයි.

    අනතුරින් මිය ගොස් ඇත්තේ තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල පදිංචිකරුවන් වන ලොරි රථයේ රියදුරු ලෙස සිටි 34 හැවිරිදි දිලිප පෙරමුණගේ හා ඔහුගේ සීයා වන 80 හැවිරිදි පි.කේ. සුගතදාස යන අයයි.

    තුවාල ලැබු පිරිස අතර ජීවිතක්ෂයට පත්වු ලොරි රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුදගලයාගේ අවුරුදු 01 හා අවුරුදු 07 යන වයස්වල පසුවන කුඩා දරුවන් දෙදෙනා, බිරිඳ හා බිරිදගේ මව යන පිරිස සිට ඇති අතර ඔවුන් මාතර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    34 හැවිරිදි බිරිඳගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

    අනතුර සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.