Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැගිල්ල නිසා ලොකු අවදානමක්
    Featured

    කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැගිල්ල නිසා ලොකු අවදානමක්

    By LFNNovember 14, 2024No Comments2 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කිසිවක් පහළට වැටීම හරහා මහජනතාවට පීඩාවක් ඇති නොවන සේ කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ල පවත්වාගෙන යා යුතු බවට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (13) රිට් ආඥාවක් නිකුත් කළේය.

    ක්‍රිෂ් ගොඩනැගිල්ල හිමිකාර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට එම ආඥාව නිකුත්කළේය.

    විදේශීය ආයෝජනයක් ලෙස 2015 දී ඉදිකිරීම් ආරම්භ වූ මෙම ගොඩනැගිල්ල කොළඹ කොටුවේ පිහිටි උසම ගොඩනැගිල්ල වෙයි.

    පසුගිය කොවිඩ් කාලසීමාවේ මෙහි ඉදිකිරීම් නතර වූ අතර පසුව මෙරට පැවති ආර්ථික කඩාවැටීමත් සමග එහි ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නතර කර දැමුණි.

    මෙම ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් නවතා දැමීමත් සමග මේ වනවිට එහි දිරාගිය ඇතැම් කොටස් බිමට ඇද වැටෙමින් පවතියි.

    පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සිදුවූ එවැනි අනතුරකින් මෝටර් රථයකට දැඩි අලාභහානි සිදුවිය.

    මෙවන් පසුබිමක අදාළ ගොඩනැගිල්ලෙහි පවතින අනාරක්ෂිතභාවය පිළිබඳ පොලීසිය විසින් අධිකරණයට කරුණූ වාර්තාකර ඊට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඉදිරියේ අද කැඳවනු ලැබීය.

    ඒ සඳහා කොටුව පොලීසියේ දැනුම්දීම මත නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීයෙකු, කොටස් කඩාවැටී හානි සිදුවූ මෝටර් රථයේ හිමිකරු, එය නවතා තිබූ රථගාලේ හිමිකරු සහ වෙළෙඳසැල් හිමියෙකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

    ක්‍රිෂ් ගොඩනැගිල්ල වෙනුවෙන් එහි ඉදිකිරීම් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙක් අධිකරණය හමුවේ පෙනීසිටියේය.

    මෙහිදී දෙපාර්ශවයේ කරුණූ සලකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය රිට් ආඥාවක් නිතුක් කරමින් නියෝග කළේ කිසිදු ද්‍රව්‍යයක් පහළට වැටීම හරහා මහජනතාවට පීඩාවක් ඇති නොවන සේ ක්‍රිෂ් ගොඩනැගිල්ල පවත්වාගෙන යා යුතු බවය.

    එසේම පහතට වැටෙන සහ වැටීමට ආසන්න දිරාගිය කැබලි ඇත්නම් එවා ඉවත්කළ යුතු බවත් ගොඩනැගිල්ලේ යම් දෙයක් පහළට වැටීමෙන් මහජනතාවට සිදුවිය හැකි පීඩා වැළැක්වීමට සුදුසු වැඩපිළිවෙළක් යෙදිය යුතු බවට ද එම අධිකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන් ය.

    අනතුරුදායක ගොඩනැගිල්ල සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතාව පවසන්නේ කඩිනමින් මෙම යකඩ කොටස් පහළට වැටීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.