Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සැබෑ සාමය සාක්ෂාත් කරගත හැක්කේ ගැටුම් අවසන්කිරීමෙන් පමණක් නොවෙයි – ආරක්‍ෂක ලේකම්

    September 21, 2025

    කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ සභාපති මහීල් මුණසිංහ අභාවප්‍රාප්ත වෙයි

    September 21, 2025

    දුරදිග ගිය ආරවුල තරුණයෙකුට දිවි අහිමිකරයි

    September 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැගිල්ල නිසා ලොකු අවදානමක්
    Featured

    කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැගිල්ල නිසා ලොකු අවදානමක්

    By LFNNovember 14, 2024No Comments2 Mins Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කිසිවක් පහළට වැටීම හරහා මහජනතාවට පීඩාවක් ඇති නොවන සේ කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ල පවත්වාගෙන යා යුතු බවට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (13) රිට් ආඥාවක් නිකුත් කළේය.

    ක්‍රිෂ් ගොඩනැගිල්ල හිමිකාර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට එම ආඥාව නිකුත්කළේය.

    විදේශීය ආයෝජනයක් ලෙස 2015 දී ඉදිකිරීම් ආරම්භ වූ මෙම ගොඩනැගිල්ල කොළඹ කොටුවේ පිහිටි උසම ගොඩනැගිල්ල වෙයි.

    පසුගිය කොවිඩ් කාලසීමාවේ මෙහි ඉදිකිරීම් නතර වූ අතර පසුව මෙරට පැවති ආර්ථික කඩාවැටීමත් සමග එහි ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නතර කර දැමුණි.

    මෙම ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් නවතා දැමීමත් සමග මේ වනවිට එහි දිරාගිය ඇතැම් කොටස් බිමට ඇද වැටෙමින් පවතියි.

    පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සිදුවූ එවැනි අනතුරකින් මෝටර් රථයකට දැඩි අලාභහානි සිදුවිය.

    මෙවන් පසුබිමක අදාළ ගොඩනැගිල්ලෙහි පවතින අනාරක්ෂිතභාවය පිළිබඳ පොලීසිය විසින් අධිකරණයට කරුණූ වාර්තාකර ඊට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඉදිරියේ අද කැඳවනු ලැබීය.

    ඒ සඳහා කොටුව පොලීසියේ දැනුම්දීම මත නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීයෙකු, කොටස් කඩාවැටී හානි සිදුවූ මෝටර් රථයේ හිමිකරු, එය නවතා තිබූ රථගාලේ හිමිකරු සහ වෙළෙඳසැල් හිමියෙකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

    ක්‍රිෂ් ගොඩනැගිල්ල වෙනුවෙන් එහි ඉදිකිරීම් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙක් අධිකරණය හමුවේ පෙනීසිටියේය.

    මෙහිදී දෙපාර්ශවයේ කරුණූ සලකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය රිට් ආඥාවක් නිතුක් කරමින් නියෝග කළේ කිසිදු ද්‍රව්‍යයක් පහළට වැටීම හරහා මහජනතාවට පීඩාවක් ඇති නොවන සේ ක්‍රිෂ් ගොඩනැගිල්ල පවත්වාගෙන යා යුතු බවය.

    එසේම පහතට වැටෙන සහ වැටීමට ආසන්න දිරාගිය කැබලි ඇත්නම් එවා ඉවත්කළ යුතු බවත් ගොඩනැගිල්ලේ යම් දෙයක් පහළට වැටීමෙන් මහජනතාවට සිදුවිය හැකි පීඩා වැළැක්වීමට සුදුසු වැඩපිළිවෙළක් යෙදිය යුතු බවට ද එම අධිකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන් ය.

    අනතුරුදායක ගොඩනැගිල්ල සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතාව පවසන්නේ කඩිනමින් මෙම යකඩ කොටස් පහළට වැටීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැබෑ සාමය සාක්ෂාත් කරගත හැක්කේ ගැටුම් අවසන්කිරීමෙන් පමණක් නොවෙයි – ආරක්‍ෂක ලේකම්

    September 21, 2025

    කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ සභාපති මහීල් මුණසිංහ අභාවප්‍රාප්ත වෙයි

    September 21, 2025

    දුරදිග ගිය ආරවුල තරුණයෙකුට දිවි අහිමිකරයි

    September 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,367 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,310 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,547 Views
    Don't Miss

    සැබෑ සාමය සාක්ෂාත් කරගත හැක්කේ ගැටුම් අවසන්කිරීමෙන් පමණක් නොවෙයි – ආරක්‍ෂක ලේකම්

    September 21, 202504 Views

    සැබෑ සාමය සාක්ෂාත් කරගත හැකි වනුයේ ගැටුම් අවසන්කිරීමෙන් පමණක් නොවන බවත්, ඵලදායි සංවාද, අන්‍යොන්‍ය අවබෝධය…

    කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ සභාපති මහීල් මුණසිංහ අභාවප්‍රාප්ත වෙයි

    September 21, 2025

    දුරදිග ගිය ආරවුල තරුණයෙකුට දිවි අහිමිකරයි

    September 21, 2025

    අබිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි

    September 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.