Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 2026

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනන්‍යතාවය තහවුරු නොකළ තංගල්ලෙන් හමුවූ සුඛෝපභෝගී රථය
    Featured

    අනන්‍යතාවය තහවුරු නොකළ තංගල්ලෙන් හමුවූ සුඛෝපභෝගී රථය

    By LFNNovember 13, 2024No Comments1 Min Read582 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් කෝටි තුනහමාරක් පමණ වටිනා සුඛෝපභෝගී ජිප් රථයක් තංගල්ල පොලිස් වසමේ විතාරන්දෙනිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් පොලිස් භාරයට ගෙන තිබේ.

    එහිදී එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය.

    විතාරන්දෙනිය ප්‍රදේශයේ නිවසක සැක කටයුතු වාහනයක් සඟවා තිබෙන බවට ලැබුණු තොරතුරක් මත ඊයේ (12) පස්වරුවේ මාතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විතාරන්දෙනිය ප්‍රදේශයේ අදාළ නිවසට ගොස් සිදුකළ පරීක්ෂාවකදී මෙම රථය සොයාගෙන තිබේ.

    එම රථයේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි කිසිවක් වත්මන් අයිතිකරු සන්තකයේ තිබී නොමැත.

    එහි අයිතිකරු ලෙස සැලකෙන ඇඹිලිපිටිය පල්ලේගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් මාතර පොලීසියට බාරවී තිබේ.

    පසුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුව වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    මේ වන විට මෝටර් රථය පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමට නියමිත අතර මෙම රථයේ වත්මන් හිමිකරු මෙම ජිප් රථය මිලදීගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ වාහන අලෙවි ස්ථානයකින් බව සඳහන් ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 2026

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 202600 Views

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්…

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026

    ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමුවෙයි

    May 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.