Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 2026

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රේගු නිලධාරීන්ගේ ක්‍රියාකලාපයෙන් බැටකන බහාලුම්රථ හිමිකරුවෝ
    Featured

    රේගු නිලධාරීන්ගේ ක්‍රියාකලාපයෙන් බැටකන බහාලුම්රථ හිමිකරුවෝ

    By LFNNovember 13, 2024No Comments2 Mins Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රේගු නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාමාර්ග හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ, මේ වරාය අවට මාර්ගවල දැඩිරථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බවය.

    “ඔරුගොඩවත්ත, තොටලග සහ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල මාර්ගයේ තිබෙන අනාරක්ෂිත බව නිසා මෙම බහාලුම් වරාය පරිශ්‍රයේ රඳවාගෙන තමා පිට කරේ, බහාලුම් නිෂ්කාශනවල ඉඩපහසුකම් ලැබෙන පරිදි. නමුත් ඇමතිතුමාගේ පරීක්ෂාවෙන් පසුව, මොවුන් එක හෙළාම තීරණය කරලා තියෙනවා සියලුම බහාලුම් ප්‍රවාහන රථ වරායෙන් පිටතට එවලා මාර්ග තදබදයක් ඇති කරලා තියෙනවා විශේෂයෙන්ම ඔරුගොඩවත්ත, ග්‍රෑන්ඩ්පාස් කියන ස්ථානවල. විශේෂයෙන්ම පටවාගත් බහාලුම් ප්‍රවාහන රථවල තිබෙන බහාලුම්වල අනාරක්ෂිතභාවය සහ රියදුරන්ට ජීවිත තර්ජන එල්ල වෙලා තියෙනවා. පොලිස්පතිට සහ රේගු අධ්‍යක්ෂවරයාට දැනුවත් කරලා තිබුණා. ඒ අනුව තමා වරාය පරිශ්‍රයේ මේවා නතර කරගෙන ක්‍රමවේදයක් ඔස්සේ එව්වේ.”

    තමන් පත්ව ඇති දුෂ්කරතාවය පිළිබඳ බාහාලුම් රථ රියදුරන් මෙලෙස අදහස් පළ කළේය.

    “දැන් නම් දවස් තුනකටවත් අපිට යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. පළිගැනීමක් හැටියට තමා මේක. මේ අයගේ ඇත්ත කිව්වා කියලනේ මෙහෙම කරන්නේ. අසාධාරණයි. අපිට කන්න නෑ…බොන්න නෑ…අපි අසරණ මිනිස්සු.

    පාරට දාපු එක හරිම ප්‍රශ්නයක්. කුඩුකාරයෝ පිරිලා.

    ඊයේ මගේ පර්ස් එකට වෙච්ච දෙයක් නෑ. එක තප්පරයක් ඇති නින්ද ගියාම ඔක්කෝම ඉවරයි. ”

    කෙසේ වෙතත් රේගු වෘත්තීය සමිති සන්ධානයේ සභාපති අමිල සංජීව මහතා සඳහන් කළේ, රේගු ආඥා පනතේ විධිවිධානවලට අනුව කටයුතු කරන ලෙස සිය සමාජිකයින් දැනුවත් කර ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 2026

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 202600 Views

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්…

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026

    ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමුවෙයි

    May 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.