Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 2026

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දෙසැ 30ට පෙර ගිනිඅවි භාරදෙන්නැයි දේශපාලකයන්ට දැනුම්දෙයි
    Featured

    දෙසැ 30ට පෙර ගිනිඅවි භාරදෙන්නැයි දේශපාලකයන්ට දැනුම්දෙයි

    By LFNNovember 13, 2024No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විවිධ ආරක්ෂක හේතූන් මත පොලීසිය සහ යුද හමුදාව විසින් නිකුත් කළ ගිනිඅවි 2024 දෙසැම්බර් මස 30 වනදාට පෙර ළඟම ඇති පොලීසියට භාරදීමට පියවර ගන්නැයි ආරක්‍ෂක අමාත්‍යංශය අදාළ පාර්ශ්වයන්ට දැනුම්දෙයි.

    පසුගිය කාලවකවානුවලදී පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට, විවිධ දේශපාලන පක්‍ෂ නායකයින්ට, දේශපාලන සංවිධානවලට මෙන්ම විවිධ තනතුරු දැරූ රජයේ විධායක නිලධාරීන්ට ජීවිත ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකා පොලීසියෙන් හා යුද හමුදාවෙන් නිකුත්කර තිබූ පිස්තෝල, රිවෝල්වර් හා පතුරොම් තුවක්කු සැලකිය යුතු ප්‍රමාණයක් ඇති බවද ආරක්‍ෂක අමාත්‍යංශය නිරීක්‍ෂණය කර තිබේ.

    තවද, මෙම නිකුත්කර ඇති ගිනිඅවි ලබාදුන් පුද්ගලයින්ගේ නාමලේඛනයක් ශ්‍රී ලංකා පොලීසිය සතුවන බවද දැනුම්දෙයි.

    එම නාමලේඛනයේ නම් සඳහන් පුද්ගලයින්ගේ තොරතුරු විමසා ගිනිඅවි පොලීසිය භාරයට ගැනීමට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.

    එබැවින්, නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් කරනු ලබන විමසිම් සඳහා සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙසත්, තවද දැනටමත් එම ලේඛනයේ නම් සඳහන් පුද්ගලයින් ගිනිඅවි රජයට භාරදී ඇත්නම් ඒ පිළිබඳව සනාථ කරන ලේඛන පොලිස් නිලධාරීන්ට ලබාදීමෙන් සහයෝගය ලබාදෙන ලෙසත් ආරක්‍ෂක අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම්දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 2026

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 202600 Views

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්…

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026

    ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමුවෙයි

    May 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.