Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දෙසැ 30ට පෙර ගිනිඅවි භාරදෙන්නැයි දේශපාලකයන්ට දැනුම්දෙයි
    Featured

    දෙසැ 30ට පෙර ගිනිඅවි භාරදෙන්නැයි දේශපාලකයන්ට දැනුම්දෙයි

    By LFNNovember 13, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විවිධ ආරක්ෂක හේතූන් මත පොලීසිය සහ යුද හමුදාව විසින් නිකුත් කළ ගිනිඅවි 2024 දෙසැම්බර් මස 30 වනදාට පෙර ළඟම ඇති පොලීසියට භාරදීමට පියවර ගන්නැයි ආරක්‍ෂක අමාත්‍යංශය අදාළ පාර්ශ්වයන්ට දැනුම්දෙයි.

    පසුගිය කාලවකවානුවලදී පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට, විවිධ දේශපාලන පක්‍ෂ නායකයින්ට, දේශපාලන සංවිධානවලට මෙන්ම විවිධ තනතුරු දැරූ රජයේ විධායක නිලධාරීන්ට ජීවිත ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකා පොලීසියෙන් හා යුද හමුදාවෙන් නිකුත්කර තිබූ පිස්තෝල, රිවෝල්වර් හා පතුරොම් තුවක්කු සැලකිය යුතු ප්‍රමාණයක් ඇති බවද ආරක්‍ෂක අමාත්‍යංශය නිරීක්‍ෂණය කර තිබේ.

    තවද, මෙම නිකුත්කර ඇති ගිනිඅවි ලබාදුන් පුද්ගලයින්ගේ නාමලේඛනයක් ශ්‍රී ලංකා පොලීසිය සතුවන බවද දැනුම්දෙයි.

    එම නාමලේඛනයේ නම් සඳහන් පුද්ගලයින්ගේ තොරතුරු විමසා ගිනිඅවි පොලීසිය භාරයට ගැනීමට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.

    එබැවින්, නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් කරනු ලබන විමසිම් සඳහා සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙසත්, තවද දැනටමත් එම ලේඛනයේ නම් සඳහන් පුද්ගලයින් ගිනිඅවි රජයට භාරදී ඇත්නම් ඒ පිළිබඳව සනාථ කරන ලේඛන පොලිස් නිලධාරීන්ට ලබාදීමෙන් සහයෝගය ලබාදෙන ලෙසත් ආරක්‍ෂක අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම්දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.