Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 2026

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන්
    Featured

    මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන්

    By LFNNovember 12, 2024No Comments1 Min Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.

    ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය.

    එමෙන්ම අපේක්ෂකයින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ඉවත් කර ගත යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.

    “මේ වනවිට අපේක්ෂකයින් ඡන්ද ප්‍රචාරක කාර්යාලවලින් ඡන්ද මධ්‍යස්ථානවලින් පිහිටුවා තිබෙන කාර්යාල මධ්‍යම රාත්‍රියේ සිට සියල්ල ඉවත් කළ යුතුයි. මධ්‍යම රාත්‍රියෙන් පසුව තබාගැනීමට හැකි වෙන්නේ පක්ෂ හා කණ්ඩායම්වල කොට්ඨාසයට එකක් ලෙස පිහිටුවා තිබෙන කාර්යාලය පමණි. ඒ වගේම ඒ දිනයේ සිට අපේක්ෂකයින්ට මැතිවරණ කොට්ඨාසයට එක් කාර්යාලයක් පිහිටුවා ගැනීමට. ඒ වගේම අපේක්ෂකයාගේ නිවස කාර්යාලයක් ලෙස තවදුරටත් පවත්වා ගත හැකියි. නමුත් ඒ කිසිවක සැරසිලි හෝ කිසිදු ප්‍රචාරක කටයුත්තක් කිරීමට හැකියාව නෑ.”

    නොවැම්බර් මස 14 වන දින පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්ද විමසීමට අදාළ සියලු මූලික කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

    මේ අතර මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නියෝජිතයින් 6,000ක පමණ පිරිසක් යෙදවීමට තීරණය කර ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 2026

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 202600 Views

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්…

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026

    ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමුවෙයි

    May 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.