Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මඟ නැවතුන ගාල්ල වලහන්දූව තාක්ෂණික උද්‍යානය.
    Hot News

    මඟ නැවතුන ගාල්ල වලහන්දූව තාක්ෂණික උද්‍යානය.

    By LFNNovember 1, 2024Updated:November 2, 2024No Comments2 Mins Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාල්ල දිස්ත්‍රික්කය තුල “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාරව තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් (Cultural Technological Innovation) ගොඩනැගීම අරමුණින් දිවයින පුරා පිහිටුවා ඇති තාක්ෂණ උද්‍යාන පහෙන් පළමුවැනි තාක්‍ෂණ උද්‍යානය ලෙස අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ගාල්ල, වලහන්දුව වතුයායේ “අක්කර 29 යි රුඩ් 03 යි, පර්චස් 7.15ක ඉඩම” තාක්‍ෂණ අමාත්‍යංශය වෙත පවරා එහි ගාල්ල දිස්ත්‍රික් තාක්‍ෂණ උද්‍යානය ස්ථාපිත කිරීමට 2021 අප්‍රේල් මස 29 වන දින මුල්ගල් තබා ඇති නමුදු මේ වන විටත් එහි කටයුතු නිමා නොකර අඩාල තත්වයේ පසුවන බවට අප වෙත වාර්තා විය.

    මෙම ඉඩම පසුකාලීනව පර්යේෂණ හා නව නිපැයුම් අංශය – අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වෙත පවරා ඇති අතර, ඉඩම් කොටස තාක්‍ෂණ අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය වෙත නීතියමය වශයෙන් පවරාදීම සිදුකර නොමැති බවත්, 2021 අංක 130 දරන ආඥාව (38 වැනි වගන්තිය (ආ) අතුරු විධානය යටතේ ආඥාව) පදනම් කර ගනිමින් මේවන විටත් ඉඩමේ භුක්තිය අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පවතින බවටත් අණාවරණය වී ඇත.

    අදාල ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස MAGA ආයතනය කටයුතු කර ඇති අතර, එම ආයතනයේ විෂය පථයට අනුව නවීන කාර්යාල ඒකක 12 ක්, පරිපාලන ගොඩනැගිල්ලක්, විශාල විනෝදාස්වාදක ප්‍රදේශයක්, සහ බහු ආපනශාලා සහ ආපනශාලා සඳහා පහසුකම්වලින් සමන්විත නවීනතම තොරතුරු තාක්‍ෂණ පහසුකම්වලින් සමන්විත මීටර් 41,000 සංකීර්ණය ඉදිකිරීමට යෝජිතව තිබී ඇති බවට සඳහන් වේ.
    මෙම තාක්‍ෂණ උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු මීට පෙර පැවති රජය මගින් ආරම්භ කර ඇති නමුත් මෙරට පැවතී ආර්ථික උද්ධමනය හේතුවෙන් එම ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දැමීම සිදුව ඇති බවත්, පසුව පැවති රජයන් මගින්ද මේ පිළිබඳව අවධානයක් යොමු නොකරමින් කටයුතු කිරීම හරහා මේ වන විට අදාල භූමිය ප්‍රයෝජනයට නොගනිමින් විනාශයට පත්වෙමින් පවති. කෙසේ වෙතත් නිසි බලධාරීන්ගේ අවධානයට මෙය ලක්කරවීම අපගේ බලාපොරොත්තුවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෛපොංගල් දිනය අදයි

    January 15, 2026

    ගැඹුරු පීඩන අවපාතය ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක්

    January 10, 2026

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    January 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 20260125 Views

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය…

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026

    මත් සැකකරුවන් 925ක් අත්අඩංගුවට

    January 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.