මහනුවර දිගන වික්ටෝරියා පාක් නිවාස සංකිර්ණයේ නිවසක් අසල නවතා දමා ගොස් තිබූ සුඛෝපභෝගී රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද දුරකථන ඇමතුමකට අනුව අදාළ රථය පොලිස් භාරයට ගෙන ඇත.
ඊයේ (31) පස්වරුවේ එම ඇමතුම ලබාදී තිබූ අතර, තෙල්දෙණිය පොලීසිය අදාළ ස්ථානයට ගොස් කරන ලද සෝදිසියේ දී තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම සුඛෝපභෝගී රථයේ ලියාපදිංචි අංකයටම තවත් රථයක් මහනුවර වත්තේගම ප්රදේශයේ ද ඇති බවට පොලීසිය ඒ අනුව තොරතුරු ලැබී ඇත.