රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානයේ දි පීලිපැනීම හේතුවෙන් සමුද්‍රදේවි දුම්රිය දොඩන්දූව දුම්රිය ස්ථානයේ සිටත්, සාගරිකා දුම්රිය බූස්ස දුම්රිය ස්ථානයෙන් සහ නයනාකුමාරි දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානයේ සිටත් ගමන් ආරම්භ කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම දුම්රිය නියමිත වේලාවන්වලදී අදාළ දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කළ බවය.
කෙසේ වෙතත් ගාලු කුමාරි දුම්රිය සහ තැපල් දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේය.
පීලිපැනීමට ලක් වු රුහුණූ කුමාරි දුම්රියේ එන්ජිම මේවන විට පීලිගත කර ඇති අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරිම සඳහා තවත් පැය කිහිපයක් ගත වන බව සඳහන්ය.