Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    NPP මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා රඳවාගෙන ප්‍රශ්න කරයි

    November 6, 2025

    පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

    November 6, 2025

    වැලිගම නව සභාපති තේරීමට දින දෙයි

    November 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට
    Featured

    ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට

    By LFNOctober 31, 2024No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබියදී අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ මහනුවර ප්‍රදේශයේදී ය.

    ලියාපදිංචි අංක තහඩු නොමැති අදාළ මෝටර් රථය සොයාගෙන තිබුණේ ඉකුත් 26 වනදාය.

    ඒ, හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ඇති බවට පොලිස් මූලස්ථානයට ලැබී තිබුණු තොරතුරක් අනුවය.

    අදාළ තොරතුරු අනුව මිරිහාන පොලීසිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර පසුව අදාළ නිවසට ගොස් එම රථය පරීක්ෂා කර තිබුණි.

    එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ බිරිඳ පොලීසියට සාක්ෂි දී තිබුණේ, හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ මව අදාළ නිවසේ පදිංචිව සිටින අතර මීට දින කිහිපයකට පෙර මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්වූ රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා සති 3කට පෙර අදාළ රථය සිය නිවෙසේ ගරාජයට ගෙනවිත් දැමූ බවටය.

    ලියාපදිංචි අංක තහඩු සහ යතුරු නොමැති සුඛෝපභෝගී මෝටර් රථය මිරිහාන පොලීසිය වෙත රැගෙන යෑමට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    NPP මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා රඳවාගෙන ප්‍රශ්න කරයි

    November 6, 2025

    පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

    November 6, 2025

    වැලිගම නව සභාපති තේරීමට දින දෙයි

    November 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,391 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,338 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    NPP මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා රඳවාගෙන ප්‍රශ්න කරයි

    November 6, 20250111 Views

    අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළඹෙන 12 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට තඹුත්තේගම…

    පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

    November 6, 2025

    වැලිගම නව සභාපති තේරීමට දින දෙයි

    November 6, 2025

    2026 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

    November 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.