Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වසර 9ක පෙම වෛරයකට පෙරළෙයි – පෙම්වතිය රෝහලට
    Featured

    වසර 9ක පෙම වෛරයකට පෙරළෙයි – පෙම්වතිය රෝහලට

    By LFNOctober 31, 2024No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අනුරාධපුර – කුඹිච්චංකුලම නිදහස් කලාපය අසලදී ඊයේ (30) පස්වරුවේ තරුණයෙක් විසින් තරුණියකට තියුණු ආයුධයකින් පහරදී තිබේ.

    ඔවුන් දෙදෙනා පෙම්වතුන් බව පොලීසිය පැවසීය.

    බරපතළ කැපුම් තුවාල ලැබූ පෙම්වතිය මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇයට ශල්‍යකර්මයක් ද සිදුකර ඇති බව වාර්තා වේ.

    පොලීසිය පැවසුවේ දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත පෙම්වතා විසින් සිය පෙම්වතියට මෙලෙස පිහියකින් පහර දී ඇති බවය.

    මෙම තරුණිය වෙනත් පුද්ගලයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇති බවට දැනගැනීමත් සමග සැකකරු විසින් සිය පෙම්වතියට මුණ ගැසීමට අවශ්‍ය බව පවසා තිබේ.

    ඒ අතරතුර දී පෙම්වතා සතුව පිහියක් සහ වස බෝතයක් තිබෙන බව තරුණිය දැනගැනීමත් සමග ඇය සිය පෙම්වතාව මඟහැර මීටර් 500ක් පමණ දුරක් දිවගොස් ඇති බව වාර්තා වෙයි.

    එහිදී පෙම්වතා තරුණියව ලූහුබැඳ පැමිණ ඔහු සතුව තිබූ පිහියෙන් තරුණියට මෙලෙස පහරදී ඇති බව පොලීසිය පවසයි.

    එය දුටු පිරිසක් එක්වී තරුණියව බේරාගෙන ඇති අතර ඔවුන් තරුණයාව මෙල්ලකර පෙලීසියට භාරදී තිබුණි.

    ඔවුන් දෙදෙනා වසර 9ක් පමණ කාලයක් පෙම්වතුන් ලෙස සිට ඇති බව සඳහන් ය.

    මේ සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.