Close Menu
Lanka Focus News
    What's Hot

    තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – ප්‍රදේශ කිහිපයකට මි.මී 100ට වැඩි වැසි

    September 15, 2026

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට මී.මී 100 ඉක්මවූ තද වැසි

    September 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවකයාගේ වැටුප් වැඩිකරනවා – ජනපති
    Featured

    පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවකයාගේ වැටුප් වැඩිකරනවා – ජනපති

    By LFNOctober 31, 2024No Comments2 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ “රට හදන අපි එකට මාලිමාවට” යන තේමාවෙන් ඊයේ (30) පස්වරුවේ මාතර පැවති ජනතා රැලිය අමතමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

    “ඒ අය දන්නවා අපි බලය අරගෙන ඉතා කෙටි කාලයයි. අපිට බලය තියෙන්නේ ස්ථාන කිහිපයක විතරයි. දේශපාලන බලය සමාන්‍යයෙන් තහවුරු වෙන්නේ ආයතන ගාණනාවක ශක්තිමත්භාවයෙන්. ජනාධිපති ධුරය දේශපාලන බලයේ හොඳ ශක්තිමත් තැනක්. කැබිනට් මණ්ඩලය හොඳ ශක්තිමත් තැනක්. හැබැයි කැබිනට් මණ්ඩලයේ ඉන්නේ අපි තුන්දෙනයි. ජනාධිපති අගමැති ඇමති. ලෝකේම ඉතිහාසගත වෙන කැබිනට් මණ්ඩලයක්. එතකොට එයාලා කල්පනා කරනවා ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් ඇතිවීමට ඉඩ නොදී මේක හොල්ලන්නේ කොහොමද කියලා. ඒ සඳහා තමයි ඉතාමත් අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණ කරන්න පටන්ගෙන තියෙන්නේ. ඉතාමත් අසත්‍ය චෝදනා එල්ල කරමින් සිටිනවා. රජ්‍ය සේවකයින්ට වැඩි වැඩි කරන්න තීන්දු කළාලු, සල්ලිත් වෙන් කරාලු. කැබිනට් මණ්ඩලයත් අනුමත කරාලු. ඉතින් දෙන්න තිබුණා නේ. ඔයා අනුමත කරාත් එකයි නැතත් එකයි. සල්ලි වෙන් කරත් එකයි නැතත් එකයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පළවෙනි අයවැය ලේඛනයෙන්ම පඩි වැඩි කරනවා. මේ සමාජය තුළ දෙදරීමක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ජනාධිපතිවරණයෙන් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ගෙනදුන්නේ ජාතික ජන බලවේගයට රාජ්‍ය සේවකයා. ඒ නිසා එතන බිඳවට්ටන්න මේ වගේ අසත්‍ය කරුණූ ඉදිරිපත් කරනවා. මාසයයි, දෙකයි, තුනයි මේක වැටෙයි කියනවා. මතක තියාගන්න ජාතික ජන බලවේගය මේ ගොඩනගපු ආණ්ඩුව නතර වෙන්නේ මේ රට හදලා මිස මේ ආණ්ඩුව නතර කරන්න බැරි බවත් මතක තියා ගන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,468 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,626 Views
    Don't Miss

    තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – ප්‍රදේශ කිහිපයකට මි.මී 100ට වැඩි වැසි

    September 15, 202602 Views

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්…

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට මී.මී 100 ඉක්මවූ තද වැසි

    September 14, 2026

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.