Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහ මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද
    Featured

    මහ මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද

    By LFNOctober 30, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වීමට නියමිතව තිබේ.

    දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද අද දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

    අද දිනයට අමතරව අදාළ කාර්යාලවල නොවැම්බර් මස 4 වන දින ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ.

    ඊට අමතරව නොවැම්බර් මස පළමුවන දින සහ නොවැම්බර් මස 4 වන දින ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

    අදාළ දිනවල දී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.

    තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ආයතන හැඳුනුම්පත භාවිත කළ නොහැකි බව සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

    භාවිත කරන ලද තැපැල් ඡන්ද රක්ෂිත පැකට්ටු භාරගැනීම අද සිට ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේය.

    පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් දහසකට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට බලාපොරොත්තු වන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.