ඉදිරි වසර කිහිපය තුළ විදුලි ගාස්තු සැලකියයුතු ප්රමාණයකින් අඩුකිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ, ශ්රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ (29) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.
වත්මන් පාලනය යටතේ ඉදිරි වසර 3 තුළ සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී තිබේ.
මෙහිදී වාණිජ මණ්ඩලයේ සාමාජිකයින් එකඟතාව පළ කර ඇත්තේ කිසිදු දීමනාවක් හෝ වැටුපක් නොලබා ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සහාය ලබාදෙන බවටය.