Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අලි අගල් පිළිබඳ වාර්තාවක් ඉල්ලා අධිකරණයෙන් නියෝගයක්
    Featured

    අලි අගල් පිළිබඳ වාර්තාවක් ඉල්ලා අධිකරණයෙන් නියෝගයක්

    By LFNOctober 29, 2024No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අලි මිනිස් ගැටුම මැඩ පැවැත්වීමේ අරමුණින් නිර්මාණය කර තිබෙන අලි අගල්වල වර්තමාන තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය.

    අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීමේ අරමුණින් ඉකුත් කාලයේ අලි අගල් කැපීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට වනජීවී අමාත්‍යාශය විසින් ගෙන තිබූ තීරණයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණි.

    මෙම පෙත්සම අද ඒ. එච්.එම්.ඩී. නවාස්, අර්ජුන ඔබේසේකර සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, වර්තමානයේ රට තුළ පවතින අලි අගල් පිළිබඳව තම සංවිධානය සතුව තොරතුරු කිසිවක් නොමැති බව පෙන්වා දුන්නේය.

    ඒ අනුව අලි අගල්වල වර්තමාන තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය.

    ඉන් අනතුරුව පෙත්සම ලබන මාර්තු මස 27 වනදා කැඳවීමටද නියම කෙරුණි.

    පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය කියා සිටින්නේ මෙම අලි අගල් කැපීමේ වැඩසටහන මුවාවෙන් මහා පරිමාණ වැලි ජාවාරම් සිදුවන අතර අලි ඇතුන් දරුණු අනතුරුවලට ලක්වීමේ තත්ත්වයක් ද උද්ගත වී තිබෙන බවය.

    මේ තුළින් දැවැන්ත පාරිසරික විනාශයක් සිදුවන බවත් එබැවින් අදාළ කටයුතු අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.

    කෙසේ වෙතත් මෙම අලි අගල් කැපීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.