Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

    November 9, 2025

    රේගු ඉතිහාසය වෙනස් වෙයි

    November 9, 2025

    අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්

    November 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අලි අගල් පිළිබඳ වාර්තාවක් ඉල්ලා අධිකරණයෙන් නියෝගයක්
    Featured

    අලි අගල් පිළිබඳ වාර්තාවක් ඉල්ලා අධිකරණයෙන් නියෝගයක්

    By LFNOctober 29, 2024No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අලි මිනිස් ගැටුම මැඩ පැවැත්වීමේ අරමුණින් නිර්මාණය කර තිබෙන අලි අගල්වල වර්තමාන තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය.

    අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීමේ අරමුණින් ඉකුත් කාලයේ අලි අගල් කැපීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට වනජීවී අමාත්‍යාශය විසින් ගෙන තිබූ තීරණයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණි.

    මෙම පෙත්සම අද ඒ. එච්.එම්.ඩී. නවාස්, අර්ජුන ඔබේසේකර සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, වර්තමානයේ රට තුළ පවතින අලි අගල් පිළිබඳව තම සංවිධානය සතුව තොරතුරු කිසිවක් නොමැති බව පෙන්වා දුන්නේය.

    ඒ අනුව අලි අගල්වල වර්තමාන තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය.

    ඉන් අනතුරුව පෙත්සම ලබන මාර්තු මස 27 වනදා කැඳවීමටද නියම කෙරුණි.

    පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය කියා සිටින්නේ මෙම අලි අගල් කැපීමේ වැඩසටහන මුවාවෙන් මහා පරිමාණ වැලි ජාවාරම් සිදුවන අතර අලි ඇතුන් දරුණු අනතුරුවලට ලක්වීමේ තත්ත්වයක් ද උද්ගත වී තිබෙන බවය.

    මේ තුළින් දැවැන්ත පාරිසරික විනාශයක් සිදුවන බවත් එබැවින් අදාළ කටයුතු අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.

    කෙසේ වෙතත් මෙම අලි අගල් කැපීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

    November 9, 2025

    රේගු ඉතිහාසය වෙනස් වෙයි

    November 9, 2025

    අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්

    November 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,398 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

    November 9, 20250119 Views

    අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගාල්ල මහ නගර සභාවේ…

    රේගු ඉතිහාසය වෙනස් වෙයි

    November 9, 2025

    අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්

    November 9, 2025

    ඉන්දීය බුද්ධි අංශ හෙළි කළ දාවුඩ් ඊබ්‍රහිම් කල්ලිය සහ හිටපු LTTEය අතර ගිවිසුම – ඉන්දීය බුද්ධි අංශත් සීරුවෙන්

    November 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.