Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය මාර්ග දෙපසට සංඥා පුවරු

    September 9, 2025

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

    September 9, 2025

    ප්‍රබල අකුණු සහ තද වැසි

    September 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වගඋත්තරකරුවෙකු ලෙස රනිල් නම් කිරීමට අධිකරණයේ අවසර
    Featured

    වගඋත්තරකරුවෙකු ලෙස රනිල් නම් කිරීමට අධිකරණයේ අවසර

    By LFNOctober 29, 2024No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සමක වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.

    අදාළ පත්කිරීම අභියෝගයට ලක් කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ගොනුකළ පෙත්සමක් අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබුණි.

    අදාළ පෙත්සම මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

    ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට අවසර දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, අනතුරුව පෙත්සම නොවැම්බර් මස 11 වනදා කැඳවීමටද නියම කර තිබුණි.

    මෙම පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (29) කැඳවන ලදී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය මාර්ග දෙපසට සංඥා පුවරු

    September 9, 2025

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

    September 9, 2025

    ප්‍රබල අකුණු සහ තද වැසි

    September 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,359 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,543 Views
    Don't Miss

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය මාර්ග දෙපසට සංඥා පුවරු

    September 9, 20250119 Views

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වාලීම සඳහා කඩිනම් විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය…

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

    September 9, 2025

    ප්‍රබල අකුණු සහ තද වැසි

    September 9, 2025

    ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙට

    September 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.