Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සූකර උණ පැතිරීම වැලැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්
    Featured

    සූකර උණ පැතිරීම වැලැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්

    By LFNOctober 29, 2024No Comments2 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න මහත්මිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    ඒ අනුව පසුගිය 25 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් උණ රෝගය, සූකර අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය ආසාදිත හා අවදානම් ප්‍රදේශයට සීමා කිරීම හා පැතිරීමට ඉඩකඩ වැළැක්වීම සඳහා අවශ්‍ය වන පහත සඳහන් කටයුතු තහනම් කර තිබේ.

    සියලුම අවදානම් සහිත ඌරන්, ඌරුමස් සහ එම නිෂ්පාදන හෝ රෝගකාරක ද්‍රව්‍ය ආසාදිත හෝ අවදානම් ප්‍රදේශය තුළ හෝ ප්‍රදේශයෙන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම.

    ආසාධිත සතුන් ඝාතනය කිරීම.

    රෝග අවදානමකට ලක්ව සිටින සතුන් සඳහා කෘතිම අභිජනන ක්‍රම භාවිත කිරීම.

    අවදානම් සතුන් භාවිත කොට ගෙන සජීවි සත්ත්ව වෙළෙඳපොළ පැවැත්වීම, දර්ශනය හා තරග පැවැත්වීම.

    ඌරන්, ඌරුමස් සහ එම නිෂ්පාදන හා රෝගකාරක ද්‍රව්‍ය විකිණීම, විකිණීමට පාත්‍ර කිරීම, ගබඩා කිරීම හෝ බෙදාහැරීම සහ ඌරුමස්වලින් නිශ්පාදන සකස් කිරීම.

    අදාළ රෝග හේතුවෙන් මරුමුවට පත්වුවා හෝ ආසාධිත වුවායැයි සැකයට හේතු වූ යම් සතෙකුගේ මළකුණක් හෝ එහි කොටසක් හෝ වෙනත් කිසියම් අවදානමට ලක්වූ ද්‍රව්‍යක් හෝ ජලය සම්බන්ධ කිසිදු ස්ථානයකට දැමීම.

    අදාළ රෝගයන් හේතුවෙන් මරුමුවට පත්වුවා හෝ ආසාධිත වූවා යැයි සැකයට හේතු වූ යම් සතෙකුගේ මළකුණක් හෝ එහි කොටසක් වෙනත් සතුන් විසින් වෙනත් ස්ථානයකට හෝ ප්‍රදේශයකට හෝ රැගෙන යාමට හැකි පරිදි යම් ස්ථානයක දැමීම හෝ ස්ථාන ගත කිරීම තහනම් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.