Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇල්පිටියේ නව සභාපති ධුරය නිශාන්ත පෙරේරාට ?
    Featured

    ඇල්පිටියේ නව සභාපති ධුරය නිශාන්ත පෙරේරාට ?

    By LFNOctober 28, 2024No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අවසන් ප්‍රතිඵලයෙන් ආසන 15ක් ජාතික ජන බලවේගයටත් , සෙසු ආසන 15 විපක්ෂයේ කණ්ඩායම්වලටත් හිමිවීමෙන් එම සභාවේ කටයුතු පවත්වාගෙන යාමට කිසිදු ගැටලුවක් ඇති නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස පත්කිරීමට නියමිතව ඇත්තේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායකයා ලෙස තරග කළ නිශාන්ත පෙරේරා මහතාවයි.

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පසුගිය සෙනසුරාදා පැවැත්වුණේ ඡන්ද කොට්ඨාස මට්මින් සහ සමානුපාතික ක්‍රමයටයි.

    ආසන 30කින් සමන්විත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආසන 15ක් හිමිකර ගනිමින් එහි පාලන බලය හිමිකරගත්තේ ජාතික ජන බලවේගයයි.

    සමගි ජන බලවේගයට ආසන 6ක් , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 3ක්ද හිමිවෙද්දී පොදුජන එක්සත් පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායමට මන්ත්‍රී ආසන 2 බැගින් බෙදී ගියා.

    මීට අමතරව පොදුජන එක්සත් නිදහස් සන්ධානයට සහ ජාතික ජනතා පක්ෂයටත් එක් ආසනය බැගින් හිමිවුණි.

    ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අවසන් ප්‍රතිඵලය සමඟ සැසඳීමේදී ප්‍රසාද මන්ත්‍රි ධුරද සමඟ එම සභාවේ සමස්ත මන්ත්‍රි සංඛ්‍යාව වන මන්ත්‍රි ධුර 30න් 15ක් ජාතික ජන බලවේගය හිමිකර ගනිද්දී විපක්ෂයේ සෙසු සියලු කණ්ඩායම්වලටත් මන්ත්‍රි ධුර 15ක් හිමිවීම විශේෂත්වයකි.

    මෙවැනි පසුබිමක ජාතික ජන බලවේගයට ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පාලන බලය හෙබවිය හැකිද ? යන්න පිළිබඳව අද දෙරණ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් විමසුවේය.

    “ඇල්පිටිය ප්‍රා ස සභාව පිහිටුවීමට කිසිදු ගැටලුවක් නෑ. සමහර අය අතර සැකයක් තියෙනවා සභාපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමක් තියන්න වෙනවා ද ? සමාන වුණොත් කුසපත් අදිනවා ද ? නෑ එහෙම එකක් නෑ. මෙම ඡන්ද විමසීමට අදාළ ආඥා පනතේ පැහැදිලිව තියෙනවා යම් පළාත් පාලන ආයතනයක සභික සංඛ්‍යාවෙන් 50%ක් යම් කිසි පක්ෂයක් ලබාගෙන තියෙනවා නම් එම පක්ෂය හෝ කණ්ඩායමේ ලේකම්වරයාට සභාපතිවරයා පත්කිරීමේ බලය තියෙනවා. දැන් මැතිවරණ කොමිසන් සභාව ජාතික ජන බලවේගයේ ලේකම්වරයාට ලිව්වහම ඔවුන් නම්කරලා එවනවා සභාපතිවරයා කවුද ? උප සභාපතිවරයා කවුද කියලා. යම් යෝජනාවක් සම්බන්ධයෙන් 15යි 15යි කියලා ලැබුණොත් සභාපතිවරයාට පුළුවන් ඔහුගේ තීරක ඡන්දය පාවිච්චි කරලා එය ජයග්‍රහණය කරවා ගන්න ඔහුගේ මතයට. නැත්නම් එය පරාජය කරවන්න තමාගේ පිලට විරුද්ධ දෙයක් නම්. ඒ නිසා සභාව පවත්වාගෙන යෑමේ ගැටලුවක් නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.