Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

    November 9, 2025

    රේගු ඉතිහාසය වෙනස් වෙයි

    November 9, 2025

    අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්

    November 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇල්පිටියේ නව සභාපති ධුරය නිශාන්ත පෙරේරාට ?
    Featured

    ඇල්පිටියේ නව සභාපති ධුරය නිශාන්ත පෙරේරාට ?

    By LFNOctober 28, 2024No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අවසන් ප්‍රතිඵලයෙන් ආසන 15ක් ජාතික ජන බලවේගයටත් , සෙසු ආසන 15 විපක්ෂයේ කණ්ඩායම්වලටත් හිමිවීමෙන් එම සභාවේ කටයුතු පවත්වාගෙන යාමට කිසිදු ගැටලුවක් ඇති නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස පත්කිරීමට නියමිතව ඇත්තේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායකයා ලෙස තරග කළ නිශාන්ත පෙරේරා මහතාවයි.

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පසුගිය සෙනසුරාදා පැවැත්වුණේ ඡන්ද කොට්ඨාස මට්මින් සහ සමානුපාතික ක්‍රමයටයි.

    ආසන 30කින් සමන්විත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආසන 15ක් හිමිකර ගනිමින් එහි පාලන බලය හිමිකරගත්තේ ජාතික ජන බලවේගයයි.

    සමගි ජන බලවේගයට ආසන 6ක් , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 3ක්ද හිමිවෙද්දී පොදුජන එක්සත් පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායමට මන්ත්‍රී ආසන 2 බැගින් බෙදී ගියා.

    මීට අමතරව පොදුජන එක්සත් නිදහස් සන්ධානයට සහ ජාතික ජනතා පක්ෂයටත් එක් ආසනය බැගින් හිමිවුණි.

    ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අවසන් ප්‍රතිඵලය සමඟ සැසඳීමේදී ප්‍රසාද මන්ත්‍රි ධුරද සමඟ එම සභාවේ සමස්ත මන්ත්‍රි සංඛ්‍යාව වන මන්ත්‍රි ධුර 30න් 15ක් ජාතික ජන බලවේගය හිමිකර ගනිද්දී විපක්ෂයේ සෙසු සියලු කණ්ඩායම්වලටත් මන්ත්‍රි ධුර 15ක් හිමිවීම විශේෂත්වයකි.

    මෙවැනි පසුබිමක ජාතික ජන බලවේගයට ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පාලන බලය හෙබවිය හැකිද ? යන්න පිළිබඳව අද දෙරණ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් විමසුවේය.

    “ඇල්පිටිය ප්‍රා ස සභාව පිහිටුවීමට කිසිදු ගැටලුවක් නෑ. සමහර අය අතර සැකයක් තියෙනවා සභාපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමක් තියන්න වෙනවා ද ? සමාන වුණොත් කුසපත් අදිනවා ද ? නෑ එහෙම එකක් නෑ. මෙම ඡන්ද විමසීමට අදාළ ආඥා පනතේ පැහැදිලිව තියෙනවා යම් පළාත් පාලන ආයතනයක සභික සංඛ්‍යාවෙන් 50%ක් යම් කිසි පක්ෂයක් ලබාගෙන තියෙනවා නම් එම පක්ෂය හෝ කණ්ඩායමේ ලේකම්වරයාට සභාපතිවරයා පත්කිරීමේ බලය තියෙනවා. දැන් මැතිවරණ කොමිසන් සභාව ජාතික ජන බලවේගයේ ලේකම්වරයාට ලිව්වහම ඔවුන් නම්කරලා එවනවා සභාපතිවරයා කවුද ? උප සභාපතිවරයා කවුද කියලා. යම් යෝජනාවක් සම්බන්ධයෙන් 15යි 15යි කියලා ලැබුණොත් සභාපතිවරයාට පුළුවන් ඔහුගේ තීරක ඡන්දය පාවිච්චි කරලා එය ජයග්‍රහණය කරවා ගන්න ඔහුගේ මතයට. නැත්නම් එය පරාජය කරවන්න තමාගේ පිලට විරුද්ධ දෙයක් නම්. ඒ නිසා සභාව පවත්වාගෙන යෑමේ ගැටලුවක් නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

    November 9, 2025

    රේගු ඉතිහාසය වෙනස් වෙයි

    November 9, 2025

    අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්

    November 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,398 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

    November 9, 20250119 Views

    අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගාල්ල මහ නගර සභාවේ…

    රේගු ඉතිහාසය වෙනස් වෙයි

    November 9, 2025

    අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්

    November 9, 2025

    ඉන්දීය බුද්ධි අංශ හෙළි කළ දාවුඩ් ඊබ්‍රහිම් කල්ලිය සහ හිටපු LTTEය අතර ගිවිසුම – ඉන්දීය බුද්ධි අංශත් සීරුවෙන්

    November 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.