Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ තීරණය ගැන රනිල් කී දේ
    Featured

    රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ තීරණය ගැන රනිල් කී දේ

    By LFNOctober 28, 2024No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කරන්නේ නම් එම පත්‍රිකාව අහෝසි කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මීගමුව ප්‍රදේශයේදී ඊයේ (27) පැවැති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් අද මීගමුවේ පැවැත්වුණි.

    ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    ඔහු පෙන්වාදෙන්නේ අදාළ යෝජනාව ලබන වසරේ අයවැය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබුවේ ඒකමතික තීරණයක් බවය.

    “මේ ඔක්කෝම සකස් කළේ 2025 විසර්ජන පනතට දාන්න. 2025 විසර්ජන පනත අපි ඉදිරිපත් කරන්නට ඉස්සෙල්ලා ඡන්දෙ අවසන් කරන්නට තිබුණා. IMF සංවිධානය එක්ක කතා කරන්නට තිබුණා. අපි එකඟ වෙන්න කලින්, මම අපේ භාණ්ඩාගාරයේ ලේකම්තුමාටත් මගේ උපදේශක ආචාර්ය සමරතුංග මැතිතුමාටත් මගේ ලේකම් සමන් ඒකනායක මැතිතුමාටත් ඔක්කොමලා එක්ක කතා කළා.

    මට චෝදනා කළේ විජිත හේරත් ඇමතිතුමා මම කාටත් කතා කළේ නෑ කියලා. නෑ මම කියන්නේ මේක අපි ගත්තා. මේ තීන්දුව තියෙනකම් ඒක ඇතුළු කරන්න ඕනේ. එහෙනම් තීන්දුව අහෝසි කරන්න. මේක ඔබේ. මට කියන්න බෑනේ මේක මම නෙමෙයිනේ ආණ්ඩුව. මේ තීරණය වැරදි කියලා කියන්න එපා. එතකොට සම්පූර්ණ බලය තියෙනවා තීණ්දුව වෙනස් කරන්න. අහෝසි කරන්න. ඒකයි කියන්නේ. ජනාධිපතිතුමාත් කිව්වා.

    විජිත හේරත් ඇමතිතුමාත් කිව්වා මේ පඩි වැඩි කරන එක ගැන අවධානය යොමු කරනවා කියලා. ඒවා වැඩක් නෑ කැබිනට් තීන්දුවක් ගත්තා ඒක ක්‍රියාත්මක කරන්න කියලා මම කියනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.