Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ‘Rebuilding Sri Lanka’ අරමුදලට TRCයෙන් මූල්‍ය පරිත්‍යාගයක්

    January 2, 2026

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 2025

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ තීරණය ගැන රනිල් කී දේ
    Featured

    රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ තීරණය ගැන රනිල් කී දේ

    By LFNOctober 28, 2024No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කරන්නේ නම් එම පත්‍රිකාව අහෝසි කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මීගමුව ප්‍රදේශයේදී ඊයේ (27) පැවැති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් අද මීගමුවේ පැවැත්වුණි.

    ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    ඔහු පෙන්වාදෙන්නේ අදාළ යෝජනාව ලබන වසරේ අයවැය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබුවේ ඒකමතික තීරණයක් බවය.

    “මේ ඔක්කෝම සකස් කළේ 2025 විසර්ජන පනතට දාන්න. 2025 විසර්ජන පනත අපි ඉදිරිපත් කරන්නට ඉස්සෙල්ලා ඡන්දෙ අවසන් කරන්නට තිබුණා. IMF සංවිධානය එක්ක කතා කරන්නට තිබුණා. අපි එකඟ වෙන්න කලින්, මම අපේ භාණ්ඩාගාරයේ ලේකම්තුමාටත් මගේ උපදේශක ආචාර්ය සමරතුංග මැතිතුමාටත් මගේ ලේකම් සමන් ඒකනායක මැතිතුමාටත් ඔක්කොමලා එක්ක කතා කළා.

    මට චෝදනා කළේ විජිත හේරත් ඇමතිතුමා මම කාටත් කතා කළේ නෑ කියලා. නෑ මම කියන්නේ මේක අපි ගත්තා. මේ තීන්දුව තියෙනකම් ඒක ඇතුළු කරන්න ඕනේ. එහෙනම් තීන්දුව අහෝසි කරන්න. මේක ඔබේ. මට කියන්න බෑනේ මේක මම නෙමෙයිනේ ආණ්ඩුව. මේ තීරණය වැරදි කියලා කියන්න එපා. එතකොට සම්පූර්ණ බලය තියෙනවා තීණ්දුව වෙනස් කරන්න. අහෝසි කරන්න. ඒකයි කියන්නේ. ජනාධිපතිතුමාත් කිව්වා.

    විජිත හේරත් ඇමතිතුමාත් කිව්වා මේ පඩි වැඩි කරන එක ගැන අවධානය යොමු කරනවා කියලා. ඒවා වැඩක් නෑ කැබිනට් තීන්දුවක් ගත්තා ඒක ක්‍රියාත්මක කරන්න කියලා මම කියනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,368 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,574 Views
    Don't Miss

    ‘Rebuilding Sri Lanka’ අරමුදලට TRCයෙන් මූල්‍ය පරිත්‍යාගයක්

    January 2, 202602 Views

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සේවකයන්ගේ දිනක වැටුප සහ සුභසාධනය සඳහා වෙන්කරන ලද…

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 2025

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.