Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිටපු ජනපතිවරුන්ගේ වැය බර මුළුමනින් අඩු කළ යුතුයි – ජනපති
    Featured

    හිටපු ජනපතිවරුන්ගේ වැය බර මුළුමනින් අඩු කළ යුතුයි – ජනපති

    By LFNOctober 28, 2024No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් රජය දරණ වැය බර මුළුමනින්ම ඉවත් කිරීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ හා පනත් සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ඊයේ (27) පස්වරුවේ බද්දේගම පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව පැවසීය.

    “අපි ජයග්‍රහණය කරලා දැන් මාසෙකට වැඩි කාලයක් ගතවෙලා තියෙනවා. දැන් එයාලා කියපුවාට මොකද වුණේ? ඒ ඔක්කොම අසත්‍ය බවට තහවුරු වෙලා තියෙනවා. ගෑස් පිපුරුවේ නැහැ, ඩොලරය රුපියල් 400ට ගියේ නැහැ, ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජයග්‍රහණයක් සමරණවා රතිඤ්ඤාවත් පත්තු නොකර. ජය සැමරුවා සාමකාමීව. ”

    “ඩොලරය රුපියල් 300ට පහළින් තියාගෙන ඉන්නවා. තෙල්, ගෑස් පෝලිම් ඇතිවෙන්න ඉඩදුන්නේ නැහැ. ජාත්‍යන්තර සබඳතා වෙනදාට වඩා ශක්තිමත් කරමින් ඉන්නවා. කියපු සියල්ල අසත්‍ය බව ජනතාව අද දන්නවා. ජනපතිවරණයේදී ඡන්දේ නොදීපු අයත් මහ මැතිවරණයේදී මාලිමාවට ඡන්දය දෙනවා…දෙනවද? නැද්ද?…දෙනවා.”

    “මන්ත්‍රි වරප්‍රසාද අඩුවෙන්න ඕනේ. වැය බර අඩුවෙන්න ඕනේ. ජනපති වෙනුවෙන් දරන වැය බර අඩු කරන්න ඕනේ. හිටපු ජනපතිවරු වෙනුවෙන් දරන වැය බර මුළුමනින් අඩු කළ යුතුයි. අපි දැන් කමිටුවක් දාලා තියෙන්නේ චක්‍රලේඛ, පනත්, ව්‍යවස්ථාව මගින් වරප්‍රසාද පිරිනමා තිබෙනවා. ඒ සියල්ල ඉවත් කරන්න සාකච්ඡා කරලා.”

    “හිටපු ජනපතිවරු බලාගන්න එක නතර කරනවා. එ්වා කරන්න බෑ. පොඩි ගණන් නෙවෙයි. ආරක්ෂකයෝ 163ක් ඉල්ලනවා. ගිලන් රථ, BMW කාර් ඇතුළු වාහන 16ක් 17ක් ඉල්ලනවා. ගෙදර අයගේ ගාණට වැඩියෙන් කෝකියෝ ඉල්ලනවා. මෙහෙම රටක් කරන්න බැහැ. ”

    “දේශපාලනය වරප්‍රසාදයක් ලෙස හිතනවා. විශ්‍රාම ගියාම බලාගැනීම ජනතාවගේ වැඩක් කියලා හිතනවා. ඒවා ජනතාවගේ වැඩ නෙවෙයි. ඒවා ඉතා ඉක්මණින් අපි ඉවත් කරනවා හැම නායකයාටම ඇහෙන්න කියන්නේ.”

    “පළිගැනීමට කරන දෙයක් නෙවෙයි. දේශපාලනය මහජන සේවයක් කළ යුතුයි. ගරු ඇමති අතිගරු ජනපති කියන්නේ ඇයි? .ගරු සේවය, අතිගරු සේවය මේක හොඳ අතිගරු සේවය. ඉන්නකොටත් බලාගෙන, ගියාමත් බලන්න ඕනේ. මේවා නතර කරනවා.”

    “පොඩි කම්මැලි ඡන්දයක් තියෙනවා. වෙනදා මෙහෙමද? ගිනි තියනවා, පහර දෙනවා, රථ පෙළපාලි යනවා. දැන් තියෙනවද එහෙම ඒවා. මේවා තමයි ඡන්ද කියන්නේ ජාතික ජනබලවේගය ආණ්ඩුව නිදහස් මැතිවරණයක් තහවුරු කළා. ඒවා ජයග්‍රහණ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.