Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 2025

    ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම ගැන සෙවූ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    July 8, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න තවදුරටත් රිමාන්ඩ්

    July 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලොහාන්ගේ බිරිඳට අයත් නිවසක අංක තහඩු නැති මෝටර් රථයක්
    Featured

    ලොහාන්ගේ බිරිඳට අයත් නිවසක අංක තහඩු නැති මෝටර් රථයක්

    By LFNOctober 27, 2024No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳට අයත් නිවසක තිබී ලියාපදිංචි අංක තහඩු නොමැති මෝටර් රථයක් ඊයේ (26) සොයා ගැණුනි.

    හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ බිරිඳ පොලීසියට සාක්ෂි දී ඇත්තේ, අදාළ රථය නිවසේ ගරාජයට ගෙනැවිත් දැමුවේ මීට දින කිහිපයකට පෙර මියගිය සිය පෞද්ගලික ලේකම්වරයා බවය.

    හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ඇති බවට පොලිස් මූලස්ථානයට තොරතුරක් ලැබී තිබුණි.

    ඒ අනුව මිරිහාන පොලීසිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අදාළ නිවසට ගොස් එම රථය පරීක්ෂා කරනු ලැබීය.

    ඒ පිළිබඳව හිටපු අමාත්‍යවරයාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් පොලීසිය ප්‍රකාශයක්ද ලබාගෙන තිබේ.

    ඊට අනුව හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ මව අදාළ නිවසේ පදිංචිව සිටින අතර මීට දින කිහිපයකට පෙර මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්වූ රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා සති 3කට පෙර අදාළ රථය සිය නිවෙසේ ගරාජයට ගෙනවිත් දැමූ බව ඔවුන් ලබාදුන් ප්‍රකාශයේ සඳහන්ය.

    ලියාපදිංචි අංක තහඩු සහ යතුරු නොමැති සුඛෝපභෝගී මෝටර් රථය මහත් පරිශ්‍රමයක් යොදා අද මිරිහාන පොලීසිය වෙත රැගෙන ගියේය.

    අද (27) දිනයේ රජයේ රස පරීක්ෂකවරයා විසින් අදාළ රථය පරීක්ෂා කිරීමට නියමිත අතර ඉන් පසුව ඉදිරි විමර්ශන සිදුකරන බව පොලීසිය ප්‍රකාශ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 2025

    ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම ගැන සෙවූ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    July 8, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න තවදුරටත් රිමාන්ඩ්

    July 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,316 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,950 Views
    Don't Miss

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 20250121 Views

    පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි. ගින්න නිවීම සඳහා මොරටුව නගර…

    ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම ගැන සෙවූ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    July 8, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න තවදුරටත් රිමාන්ඩ්

    July 8, 2025

    පොලීසියේ පුරප්පාඩු 28,000ක්

    July 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.