Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 2026

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නිමක් නැති ඔන්ලයින් ජාවාරම් ගැන තවත් අනාවරණයක්
    Featured

    නිමක් නැති ඔන්ලයින් ජාවාරම් ගැන තවත් අනාවරණයක්

    By LFNOctober 27, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අන්තර්ජාලය ඔස්සේ ජනතා මුදල් කොල්ලකමින් සිදුකරන ජාවාරම් තවමත් රට තුළ සිදුවෙමින් පවතී.

    අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මහා පරිමාණයෙන් ජනතා මුදල් කොල්ලකන ජාවාරම් සම්බන්ධයෙන් පසුගිය දිනවල තොරතුරු රැසක් වාර්තා වුණි.

    කණ්ඩායම් වශයෙන් මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් කොල්ලකෑ විදේශීය ජාතිකයින් මෙන්ම ඊට සම්බන්ධ විවිධ කටයුතු සිදුකළ ශ්‍රී ලාංකිකයින් ද වරින්වර විවිධ ස්ථානවලදී පොලිස් අත්අඩංගුවට පත්වුණි.

    අන්තර්ජාල බැංකු ගනුදෙනුවලදී ලබාදෙන OTP හෙවත් එක්වරක් පමණක් ලබාදෙන මුර පද වංචනික ලෙස ලබාගනිමින් මෙන්ම තවත් ප්‍රධාන ක්‍රමෝපාය රැසක් ඔස්සේ මූල්‍ය වංචා සිදුවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට සිදුකර ඇති විමර්ශන මගින් අනාවරණ කරගෙන තිබේ.

    එක් ක්‍රමයක් ලෙස, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා සහ දුරකථන ඇමතුම් ඔස්සේ හඳුනාගන්නා විවිධ පුද්ගලයින් හට මුදල් ආයෝජනය කිරීමට පොළඹවා මොවුන් මුදල් ලබාගැනීම සිදුකරනු ලබයි.

    ඊට අමතරව, සමාජ මාධ්‍ය හරහා හඳුනාගන්නා මැදි වයසේ සහ වැඩිහිටියන් සමග ව්‍යාජ ආදර සම්බන්ධතා ඇති කරගෙන එම විශ්වාසය මත විවිධ පැකේජයන් ලෙස මුදල් තැන්පත් කිරීමට පොළඹවා ගැනීමද මෙම සංවිධානාත්මක පිරිසේ තවත් උපක්‍රමයකි.

    එමෙන්ම, සමාජයේ ප්‍රසිද්ධ චරිත ලෙස හුවා දක්වමින් ඇමතුම් ලබාදී විවිධ ව්‍යාපෘති සඳහා මුදල් ලබාගන්නා ජාවාරම් සම්බන්ධයෙන් ද මේ දිනවල තොරතුරු වාර්තා වෙයි.

    මෙවැනි ජාවාරම් සම්බන්ධයෙන් කොතෙකුත් තොරතුරු වාර්තා කළත් ජනතාව එම වංචනික කණ්ඩායම්වලට නිරන්තරයෙන් ගොඳුරු වන බව තවදුරටත් පෙනීයන කරුණකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 2026

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 202609 Views

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්…

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026

    ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමුවෙයි

    May 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.