Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 2026

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පක්ෂීන් සහ උරග විශේෂ නීතිවිරෝධිව මුහුදු මගින් ප්‍රවාහනය කළ 6කට ලක්ෂ 28ක දඩයක්
    Featured

    පක්ෂීන් සහ උරග විශේෂ නීතිවිරෝධිව මුහුදු මගින් ප්‍රවාහනය කළ 6කට ලක්ෂ 28ක දඩයක්

    By LFNOctober 26, 2024No Comments2 Mins Read104 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පක්‍ෂීන් සහ උරග විශේෂ නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ 06 දෙනෙකුට රුපියල් විසිඅට ලක්ෂ අසුදාහක දඩයක් නියම කිරීමට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණාය.

    මෙලෙස දඩ නියම වූයේ මීගමුව සහ කොච්චිකඩේ යන ප්‍රදේශයන් හි පදිංචි ධීවරයින් පස් දෙනෙකු සහ ඉන්දියානු ජාතිකයෙකුට ය.

    සැකකාර ධීවරයන් පස්දෙනා සහ ඉන්දියානු ජාතිකයා වරද පිළිගැනීමෙන් පසු එක් අයෙකුට රුපියල් හාර ලක්ෂ අසූ දහස බැගින් හයදෙනාට රුපියල් විසි අට ලක්ෂ අසූ දහසක දඩයක් නියම කිරීමට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය පසුගිය (24) නියෝග කර කළාය.

    මෙම සතුන් ප්‍රවාහනය කළ නාවික හමුදා භාරයේ තිබු ධීවර යාත්‍රාව රාජසන්තක කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය දැනට ජාතික සත්වෝද්‍යානය භාරයේ තිබෙන සතුන් සියලුම දෙනාද රාජසන්තක කර දෙහිවල ජාතික සත්වෝද්‍යානයට බාරදෙන ලෙසද නියෝග කළාය.

    පක්‍ෂීන් සහ උරග විශේෂ ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදාවට ලද තොරතුරක් මත කළ මෙහෙයුමකදි දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාව පසුගිය ජූලි මස 07 වැනි දින අත්අඩංගුවට ගෙන තිබුණි.

    එහිදී එම බහුදින ධීවර යාත්‍රාව මගින් දුර්ලභ ගණයේ පිඹුරන් 13 ක්, තලගොයෙක්, විශාල ඉබ්බෙක් සහ ගිරවුන් 03 ක් ප්‍රවාහනය කරමින් තිබූණි.

    මෙම සතුන් සහිත බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් ගාල්ල වරායට රැගෙන ඒමෙන් පසු හික්කඩුව වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් ජුලි මස 09 වන දින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 2026

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 202609 Views

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්…

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026

    ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමුවෙයි

    May 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.