Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ගැන විදේශිකයින් කියූ දේ
    Featured

    ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ගැන විදේශිකයින් කියූ දේ

    By LFNOctober 25, 2024No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට සිටින ඊශ්‍රායල සංචාරකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට බුද්ධි තොරතුරු තහවුරු කරගැනීමෙන් පසු සංචාරකයින් ගැවසෙන කලාප ආශ්‍රිතව දැඩි ආරක්ෂාවක් සලසා තිබේ.

    ඒ සම්බන්ධයෙන් මෙරට රැඳීසිටින විදේශිකයන් මෙලෙස අදහස් පළ කර තිබුණි.

    “මම අමෙරිකාවේ කැලිෆෝනියාවෙන් ආවේ. මට කිසිම භයානකකමක් දැනුණේ නැහැ. මට කිසි අපහසුතාවයක් දැනුනෙත් නැහැ.”

    “සියයට 100ක්ම ආරක්ෂිතයි. ඔස්ට්‍රේලියාවටත් වඩා ආරක්ෂිතයි.”

    “මම ශ්‍රී ලංකාවට ආදරෙයි. ඒක හරිම අපූරු රටක්. රට ආරක්ෂිතයි.”

    අරුගම්බේ වෙරළ තීරය මෙන්ම ප්‍රදේශයේ සංචාරක ලැඟුම්හල් ආශ්‍රිතව ද ආරක්ෂාව තර කර තිබෙන අයුරු දක්නට ලැබුණි.

    මේ අතර විදේශිකයන් බහුලව ගැවසෙන ඇල්ල, වැලිගම, උනවටුන ඇතුළු සංචාරක කලාපවල ද ආරක්ෂක රැකවල් යොදා ඇත.

    මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේ මේ සම්බන්ධයෙන් වූ බුද්ධි තොරතුරු ඉකුත් ජනාධිපතිවරණයට පෙර සිටම ආරක්ෂක අංශ වෙත ලැබී තිබු බවය.

    අම්පාර දිස්ත්‍රික්කයේ අරුගම්බේ ප්‍රදේශයේ රැඳීසිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇතැයි විදෙස් බුද්ධි අංශයකින් මෙරට ආරක්ෂක අංශ වෙත අදාළ තොරතුරු ලැබී තිබුණි.

    එහි දැක්වුණේ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි අතර ඒ සඳහා ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු සූදානමින් සිටින බවය.

    කෙසේවෙතත් මේ වනවිට මෙරටට පැමිණ සිටින විදේශ සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අද පැවසීය.

    එබැවින් ඉදිරි දින දෙක තුනකින් විදෙස් රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත්කර ඇති අවවාදාත්මක සංචාරක උපදේශන ඉවත් කර ගනු ඇතැයි රජය අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    අදාළ සිද්ධියට සැකපිට පුද්ගලයින් තිදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202602 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.