Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ගැන විදේශිකයින් කියූ දේ
    Featured

    ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ගැන විදේශිකයින් කියූ දේ

    By LFNOctober 25, 2024No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට සිටින ඊශ්‍රායල සංචාරකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට බුද්ධි තොරතුරු තහවුරු කරගැනීමෙන් පසු සංචාරකයින් ගැවසෙන කලාප ආශ්‍රිතව දැඩි ආරක්ෂාවක් සලසා තිබේ.

    ඒ සම්බන්ධයෙන් මෙරට රැඳීසිටින විදේශිකයන් මෙලෙස අදහස් පළ කර තිබුණි.

    “මම අමෙරිකාවේ කැලිෆෝනියාවෙන් ආවේ. මට කිසිම භයානකකමක් දැනුණේ නැහැ. මට කිසි අපහසුතාවයක් දැනුනෙත් නැහැ.”

    “සියයට 100ක්ම ආරක්ෂිතයි. ඔස්ට්‍රේලියාවටත් වඩා ආරක්ෂිතයි.”

    “මම ශ්‍රී ලංකාවට ආදරෙයි. ඒක හරිම අපූරු රටක්. රට ආරක්ෂිතයි.”

    අරුගම්බේ වෙරළ තීරය මෙන්ම ප්‍රදේශයේ සංචාරක ලැඟුම්හල් ආශ්‍රිතව ද ආරක්ෂාව තර කර තිබෙන අයුරු දක්නට ලැබුණි.

    මේ අතර විදේශිකයන් බහුලව ගැවසෙන ඇල්ල, වැලිගම, උනවටුන ඇතුළු සංචාරක කලාපවල ද ආරක්ෂක රැකවල් යොදා ඇත.

    මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේ මේ සම්බන්ධයෙන් වූ බුද්ධි තොරතුරු ඉකුත් ජනාධිපතිවරණයට පෙර සිටම ආරක්ෂක අංශ වෙත ලැබී තිබු බවය.

    අම්පාර දිස්ත්‍රික්කයේ අරුගම්බේ ප්‍රදේශයේ රැඳීසිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇතැයි විදෙස් බුද්ධි අංශයකින් මෙරට ආරක්ෂක අංශ වෙත අදාළ තොරතුරු ලැබී තිබුණි.

    එහි දැක්වුණේ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි අතර ඒ සඳහා ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු සූදානමින් සිටින බවය.

    කෙසේවෙතත් මේ වනවිට මෙරටට පැමිණ සිටින විදේශ සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අද පැවසීය.

    එබැවින් ඉදිරි දින දෙක තුනකින් විදෙස් රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත්කර ඇති අවවාදාත්මක සංචාරක උපදේශන ඉවත් කර ගනු ඇතැයි රජය අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    අදාළ සිද්ධියට සැකපිට පුද්ගලයින් තිදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.