ජාඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාකවිට ප්‍රදේශයේදී වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු වයස අවුරුදු 28ක් වන ගෝනෑව, පණ්ඩුකාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. ඔහුට විරුද්ධව වැලිසර, මීගමුව, මැදවච්චිය හා කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු 12ක් නිකුත් කර තිබී ඇත.
සිදුකල වැඩිදුර විමර්ශනයේදී මෙම පුද්ගලයා විසින් ජාඇල, මීගමුව, පුත්තලම, අනුරාධපුර, තවරක්කුලම හා කල්ලංචිය පොලිස් වසම්වල ත්‍රිරෝද රථ හා යතුරු පැදි සොරකම්, නිවෙස් බිඳ දේපොළ සොරකම්, කොල්ලකෑම් හා තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල සිදු කිරීම් කිහිපයකට අවශ්‍ය කර සිටි සැකකරු බවට අනාවරණය වී තිබේ.
ජාඇල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.