නායයැමේ අවදානමක් හේතුවෙන් මාතර පාසලක පන්ති 10ක සිසුන්ට හෙට (24) දිනයේ නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් තීරණය කර තිබේ.
මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමග තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ 06 වැනි ශ්‍රේණිය සහ 08 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සියලුම දරුවන්ට හෙට (24) දින මෙලෙස පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.
තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ 06 සහ 08 ශ්‍රේණිය පවත්වාගෙන යනු ලබන දෙමහල් ගොඩනැගිල්ල පිටුපස පස් කන්දක් සුළු නායයෑමේ තත්ත්වයක් පසුගිය දිනවල ඇතිවී තිබුණි.
ඒ අනුව අද දිනයේ ඇතිවූ දැඩි වර්ෂාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.