Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව ගැන පොලීසියෙන් හදිසි නිවේදනයක්
    Featured

    විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව ගැන පොලීසියෙන් හදිසි නිවේදනයක්

    By LFNOctober 23, 2024No Comments2 Mins Read105 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදේශිකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය නිවේදනය කරයි.

    මැදපෙරදිග මෙන්ම නැගෙනහිර යුරෝපයේ පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගනිමින් ඔවුන් මෙම පියවර ගෙන තිබේ.

    පොලීසිය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

    – උපුටාගැනීම –

    ඉදිරි සංචාරක වාරය තුළ විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවට මේ වන විට ලැබී තිබෙන තොරතුරු මඟින් නිරීක්ෂණය වී ඇත.

    මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳව විදේශීය ජාතිකයින් ඇති කර ගනු ලබන විශ්වාසය මෙන්ම ගෞරවයටද මහඟු අවස්ථාවක් උදාවීමකි.

    විදේශීය සංචාරකයින්ගේ ආකර්ශණය පවතින රාජ්‍යක් ලෙස මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව, ඔවුන් අපේක්ෂා කරන සතුට විනෝදය මෙන්ම දැනුම නිදහස්ව ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසීම අප කාගේත් වගකීමක් බවට පත් වේ.

    ඒ අනුව මැදපෙරදිග මෙන්ම නැගෙනහිර යුරෝපයේ පවතින යුධමය වාතාවරණය ද සැලකිල්ලට ගෙන විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ මෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් හා සම්බන්ධීකරණය මත ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩ පිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මෙහිදී පොලිස් සංචාරක කොට්ඨාසය තවදුරටත් ශක්තිමත් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර සියලුම පොලිස් ස්ථාන වලට මේ පිළිබඳව විශේෂ උපදෙස් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත් කිරීමට නියමිතය. මේ මූලික පියවරක් වශයෙන් ඕනෑම සංචාරකයෙකුට ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වන ගැටලුවක් පිළිබඳව 1997 දරණ ශ්‍රී ලංකා පොලිසියේ කෙටි දුරකථන අංකයට දැනුම් දීමේ අවස්ථාව අද දින සිට උදා වනු ඇත.

    සංචාරක හෝටල් හිමිකරුවන්, මෙන්ම ඒවායේ කාර්ය මණ්ඩලයන්, ඒවාගේම ක්ෂේත්‍රයේ නියුතුව සිටින සියලුම පුද්ගලයින් මේ වන විටත් කරගෙන යනු ලබන කාර්යභාරය ඉතා අගය කරනු ලබන අතර ඉදිරියේදී සංචාරකයන්ගේ ජීවිත හා දේපල ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ සීමාව තුළ ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් ක්‍රියා කරනු ඇතැයි පොලිසිය අපේක්ෂා කරනු ලබයි. ඕනෑම අවස්ථාවක ඔවුන්ට අයත් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානයන් සම්බන්ධීකරණය කර ගැනීමෙන් කටයුතු කළ හැකි අතර ඉදිරියේදී ඒ පිළිබඳව අවශ්‍ය උපදෙස් පොලිස් ස්ථානයන් වෙත ලබා දෙනු ඇත. බාහිර සොර සතුරන්ගෙන් ඇති විය හැකි තර්ජනයන් මෙන්ම යම් යම් සේවකයන්ගෙන්ද ඇති විය හැකි කරදර හිරිහැර පිළිබඳව මෙහිදී සියළු පාර්ශවයන් අවධානය යොමු කළ යුතු අතර ශ්‍රී ලංකා පොලීසිය නව වැඩපිළිවෙලක් සහිතව මේ පිළිබඳව ඉදිරියේ දී ක්‍රියා කරනු ඇත.
    පොලිස් මාධ්‍ය කොට්ඨාසය.

    -උපුටා ගැනීම අවසන් –

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.