Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මිද්දෙණියේ ඉඩමෙන් පොලිස් නිලධාරීන් රාජකාරි සඳහා භාවිතා කරන උපාංග හමුවෙයි

    September 9, 2025

    මේ වසරේ ගතවූ කාලය තුළ මාරක අනතුරු 1,757ක් – මරණ 1,870ක්

    September 9, 2025

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

    September 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආණ්ඩුකාරවරුන්ට ජනපති දුන් උපදෙස
    Featured

    ආණ්ඩුකාරවරුන්ට ජනපති දුන් උපදෙස

    By LFNOctober 23, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම්දී තිබේ.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (22) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාරවරුන් සමග පැවැති සාකච්ඡාවේදීය.

    පළාත් සභා යටතේ සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන්හි පවතින පුරප්පාඩු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමුවී ඇති අතර ඊට සාධනීය විසඳුම් ලබා දීමට ද මෙහිදී තීරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

    පවතින සංක්‍රාන්තික කාලය තුළ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කිරීම සඳහා පළාත් සභාවලින් සිදුකළ හැකි උපරිම සේවාව ලබා දීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා පවසා ඇත.

    ජනතාවගේ ජීවිතය පහසු කිරීම සඳහා ආර්ථික සහ සමාජීය වශයෙන් කළ හැකි සියලු මැදිහත් වීම් පළාත් සභාවලින් සිදු කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදී තිබේ.

    නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම සඳහා ලැබී තිබෙන ජනවරම පිළිබඳ සිහිපත් කළ ජනාධිපතිවරයා ජනතාව තැබූ එම විශ්වාසය පලුදු නොවන අයුරින් ක්‍රියාකරන ලෙසද මෙහිදී අවධාරණය කළේය.

    උතුරු නැගෙනහිර ඉඩම් සම්බන්ධයෙන් සහ පළාත් සභා මුදල් භාවිතය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කර ඇති අතර කන්තලේ ගොවි ජනතාවට ලබා දුන් ඉඩම් පිළිබඳව ද අවධානය යොමු කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මිද්දෙණියේ ඉඩමෙන් පොලිස් නිලධාරීන් රාජකාරි සඳහා භාවිතා කරන උපාංග හමුවෙයි

    September 9, 2025

    මේ වසරේ ගතවූ කාලය තුළ මාරක අනතුරු 1,757ක් – මරණ 1,870ක්

    September 9, 2025

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

    September 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,358 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,543 Views
    Don't Miss

    මිද්දෙණියේ ඉඩමෙන් පොලිස් නිලධාරීන් රාජකාරි සඳහා භාවිතා කරන උපාංග හමුවෙයි

    September 9, 20250123 Views

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගෙන්වූ රසායන ද්‍රව්‍ය සොයාගත් මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමෙන් පොලිස් නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා…

    මේ වසරේ ගතවූ කාලය තුළ මාරක අනතුරු 1,757ක් – මරණ 1,870ක්

    September 9, 2025

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

    September 9, 2025

    අද සිට 12 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

    September 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.