Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහලට

    March 25, 2026

    කුකුළු මස් හා බිත්තර මිල ඉහළට

    March 25, 2026

    ශේන් වෝන්ගේ නැණවත් තීරණය

    March 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගම්මන්පිල ට චෝදනාවක්
    Featured

    ගම්මන්පිල ට චෝදනාවක්

    By LFNOctober 22, 2024No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණවල විභාගවන නඩුවල ප්‍රධාන සාක්ෂිකරුවන් වී සිටින රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකරගේ විශ්වසනීයත්වය බිඳහෙළීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා උත්සාහ දරන බව ජාතික ජන බලවේගය පවසයි.

    පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් ඊයේ (21) පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා සිදුකළ හෙළිදරව්වට ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගයේ නීතිඥ සාමුහිකයේ විධායක සභික ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා ඒ බව සඳහන් කළේය.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා,

    “ගම්මන්පිල මහත්මයා ප්‍රකාශකරනවා විශ්‍රාමික විනිසුරු ඒ.එම්.ජේ ද අල්විස් වාර්තාවේ සඳහන් වෙනවා කියලා නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතාට සහ ශානි අබේසේකර මහතාට අපරාධ චෝදනා ඉදිරිපත්කළ යුතු බවට. බුද්ධි අංශ තොරතුරු ටොප් සීක්‍රට් කියන ටැග් එකත් එක්ක අප්‍රේල් 09 වනදා රවී සෙනෙවිරත්න මහත්තයාගේ නමින් එවලා තියෙන්න. එතුමා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ අප්‍රේල් 13 වනදා. පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න භාරදෙනවා ප්‍රතිත්‍රස්ත ඒකකයේ අධ්‍යක්ෂවරයාට සහ ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට. නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂක ඒකකයට. ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත් සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ, විශේෂ කාර්ය බළකායේ කමඩාන්ට්වරයාට ලිපියේ සඳහන් වෙනවා මේ කාරණය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය විමර්ශනයන් පටන් අරගෙන ක්‍රියාත්මක වෙමින් පවතින බව. එතකොට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිස්පතිවරයාගේ විධානයක් තිබිලා නැහැ. ඊළඟට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය ගත්තොත් එහෙම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබන්නේ අපරාධයෙන් පසු විමර්ශනය. එහෙම නැතුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හැකියාවක් නැහැ නිලධාරීන් යොදවා මාර්ග බාධක දාන්න, ශරීර පරික්ෂා කරන්න. එතකොට රවී සෙනෙවිරත්නටත් ශානී අබේසේකරටත් කිසිම ආකාරයකින් වගකීමක් එන්න විදිහක් නැහැ මේ කාරණය සම්බන්ධයෙන් නීතිවිරෝධී නොකර හැරීමක් කරා කියන්නේ. ගම්මන්පිල මහත්තයා කරන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු සහ ඉතා විශාල ප්‍රමාණයක් අධිකරණවල විභාග වෙනමින් පවතිනවා. ඒ නඩුවල ප්‍රධාන සාක්ෂිකාරයෝ දෙන්නෙක් තමයි රවී සෙනෙවිරත්න මහතාත් සහ ශානි අබේසේකර මහතාත්. ශානි අබේසේකරයි, රවී සෙනෙවිරත්නගෙයි විශ්වාසනීයත්වය බිඳහෙළීමක් තමයි මේ වැඩෙන් සිදුකරලා තියෙන්නේ. මේ නඩු සියල්ලටම අන්තරාකාරී ලෙස බලපාන්න පුළුවන්. නඩුවේ ඉන්න ප්‍රධාන සාක්ෂිකරුවන්ගේ විශ්වසනීයත්වය බිඳෙන ආකාරයට කටයුතු කිරීම නිසා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ඉදිරියට පැමිණිය යුතු තවත් බොහෝ දෙනෙක් ගැලවිලා යන්න පුළුවන්.”

    මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී උදය ගම්මන්පිල මහතා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ශානි අබේසේකර පාස්කු ප්‍රහාරයේ බුද්ධි වාර්තා සම්බන්ධයෙන් නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති බව පෙන්වා දුන්නේය.

    එබැවින් ඔවුන්ට අපරාධ චෝදනා යටතේ නඩු ගොනු කිරීමට නිර්දේශ වී ඇතැයි අනාවරණය කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහලට

    March 25, 20260109 Views

    රැඳවුම් නියෝග භාරයේ සිටින මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.…

    කුකුළු මස් හා බිත්තර මිල ඉහළට

    March 25, 2026

    ශේන් වෝන්ගේ නැණවත් තීරණය

    March 25, 2026

    බොරතෙල් මිල පහළට

    March 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.