වෛද්‍යවරියකගේ නිවසට සාපරාධී ලෙස බලහත්කාරයෙන් ඇතුළු වී මුදල් හා රත්‍රං බඩු කොල්ල කෑ දෙදෙනෙකු තලංගම අපරාධ අංශය මගින් අත්ඩංගුවට ගෙන තිබේ.
පසුගිය 19 වනදා තලංගම පොලීසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ මූලික විමර්ශනවලදී මෙම සැකකරුවන් හඳුනාගෙන තිබුණි.
මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සේවය කරන 43 හැවිරිදි වෛද්‍යවරියකි.
සැකකරුවන් වයස අවුරුදු 23 සහ 45 යන වයස්වල පසුවන්නන් වේ.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බවයි.
45 හැවිරිදි සැකකරු නිවසෙන් පිටත රැඳී සිට ඇති අතර අනෙක් සැකකරු නිවසට බලහත්කාරයෙන් පැන වෛද්‍යවරියගේ ගෙලට පිහියක් තබා ඇගේ රන් මාලය සහ අනෙකුත් රත්‍රං භාණ්ඩ කොල්ලකා පළා ගොස් ඇත.
මෙලෙස සොරකම් කරන ලද රත්‍රංවල මුළු වටිනාකම ලක්ෂ හතකට ආසන්න බව සඳහන් ය.
සිද්ධිය වූ අවස්ථාවේදී අසල්වාසියෙකු විසින් මෙම සිදුවීම පටිගත කර ඇති අතර එම වීඩියෝ දර්ශන සහ CCTV දර්ශන උපයෝගී කරගනිමින් මෙම සැකකරුවන් හඳුනාගෙන තිබුණි.
ඔවුන් ඊයේ (20) තලංගම පොලීසිය මගින් අත්තඩංගුවට ගෙන ඇති අතර අද (21) සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.