Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩිජිටල් සේවා බද්ද පැනවීම කල් යයි

    September 4, 2025

    තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ්

    September 4, 2025

    විදේශයන්හිදී ආපදාවන්ට ලක්වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ආධාර

    September 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සිවිල් පුද්ගලයින්ට දුන් ගිනිඅවි 50ක් යළි භාරදෙයි
    Featured

    සිවිල් පුද්ගලයින්ට දුන් ගිනිඅවි 50ක් යළි භාරදෙයි

    By LFNOctober 21, 2024No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිවිල් පුද්ගලයින්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම් තාවකාලිකව රජයට ලබාදෙන ලෙස සිදුකළ දැනුම්දීමට අනුව ගිනිඅවි 50කට අධික සංඛ්‍යාවක් යළි ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

    ආරක්ෂක අමාත්‍යංශය මගින් ජීවිත ආරක්ෂාව සදහා ලබා දී ඇති සියලුම ගිනිඅවි පිළිබඳව සමාලෝචනයක් සිදුකිරීමෙන් පසු නැවත ලබා දීමට යටත්ව තාවකාලික පදනම මත මෙම තීරණය ගනු ලැබීය.

    ඒ අනුව අදාළ ගිනිඅවි සහ පතරොම් නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත නොවැම්බර් මස 07වන දිනට පෙර භාර දෙන ලෙස සියලු බලපත්‍රලාභීන් වෙත ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී තිබුණි.

    මෙම තත්ත්වය තුළ මේ වන විට ගිනිඅවි 50කට ආසන්න සංඛ්‍යාවක් යළි භාර දී ඇති බව වාර්තා වී තිබේ.

    කෙසේ වෙතත් ආරක්ෂක අමාත්‍යංශය විසින් මේ වනවිට ගිනිඅවි බලපත්‍ර 1650ක් පමණ විවිධ හේතුන් මත නිකුත් කර ඇති බව සඳහන් වේ.

    මෙම තත්ත්වය තුළ සියලු ගිනිඅවි සහ පතරොම් අදාළ දිනයට පෙර භාර දෙන ලෙසද ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී තිබේ.

    එසේ නොවුණහොත් 1916 අංක 33 දරන තුවක්කු ආඥා පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ආරක්ෂක අමාත්‍යංශය අදාළ බලපත්‍රලාභීන්ට දැනුම් දී තිබේ.

    මෙලෙස ආරක්ෂක අමාත්‍යංශයට ලබාදෙන ගිනිඅවි සමාලෝචනය කිරීමෙන් පසු යළිත් වරක් ලබාදීමට බලාපොරොත්තු වන බවද ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩිජිටල් සේවා බද්ද පැනවීම කල් යයි

    September 4, 2025

    තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ්

    September 4, 2025

    විදේශයන්හිදී ආපදාවන්ට ලක්වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ආධාර

    September 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,289 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,541 Views
    Don't Miss

    ඩිජිටල් සේවා බද්ද පැනවීම කල් යයි

    September 4, 20250117 Views

    2025 අංක 4 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මඟින් 2025‑10‑01 දින සිට…

    තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ්

    September 4, 2025

    විදේශයන්හිදී ආපදාවන්ට ලක්වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ආධාර

    September 4, 2025

    ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ආයතන වසා දැමීමට අනුමැතිය

    September 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.