විදෙස් ගත ව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකළ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ලබුගම, නිරිපොළ ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ලලිත් කන්නංගර නැමැත්තා සමග සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව භාණ්ඩ සොරකම් කිරීම් ද මොවුන් විසින් සිදුකර ඇති අතර එක් සැකකරුවෙකු අධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබු අයෙකු බව ද විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.
22 හැවිරිදි හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එම සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 08කට අධික ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ.
සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා හංවැල්ල පොලිස් ස්ථානය වෙත භාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසුවේය.