Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සහල් හිඟය ගැන මහා පරිමාණ මෝල් හිමියන්ට චෝදනා
    Featured

    සහල් හිඟය ගැන මහා පරිමාණ මෝල් හිමියන්ට චෝදනා

    By LFNOctober 19, 2024No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිවීමට හේතුව, මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන් පස් දෙනෙකු කෘත්‍රීම හිඟයක් නිර්මාණය කර සහල් වැඩි මිලට විකිණීමේ උත්සාහයක් බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ, රජය කඩිනමින් මෙම තත්ත්වය වැළැක්වීමට මැදිහත් විය යුතු බවය.

    මේ වනවිට සිල්ලර වෙළෙඳපොළේ නාඩු, සුදු සහ රතු කැකුළු සහල්වල දැඩි හිඟයක් මතුව තිබේ.

    ඒ අතරින් වැඩි ඉල්ලුමක් පවතින නාඩු සහල් හිඟය හේතුවෙන් පාරිභෝගික ජනතාව පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටය.

    එසේම රජය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ පාලන මිලට සහල් මිලදී ගැනීමටද නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.

    කෙසේ වෙතත්, මරඳගහමුල සහල් නිෂ්පාදකයින් පෙන්වා දෙන්නේ, පාරිභෝගිකයින්ට පාලන මිලට සහල් ලබාදීම ගැටලුවක් වී ඇති බවය.

    මේ අතර, සමගි ජන බලවේගය අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පෙන්වා දුන්නේ, රජයේ මැදිහත්වීමක් නොමැතිකම හේතුවෙන් සහල් කතපයාධිකාරයට ඉඩ සැලසී ඇති බවය.

    මෙරට ක්‍රියාත්මක සහල් මාෆියාව පාලනය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට හැකියාවක් නොමැතිද යන්න පිළිබඳව අප විමසා බැලීය.

    එහිදී අදහස් දක්වමින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ (වැටලීම් සහ විශේෂ විමර්ශන) සංජය ඉරසිංහ මහතා පවසා සිටියේ, මහා පරිමාණ මෝල්හිමියන්ව වැටලීම් කර ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පනත මඟින් තමන්ට බලතල ලැබී නොමැති බවය.

    ඉදිරියේ දී පනත සංශෝධනය කිරීමට කටයුතු සිදුකරමින් පවතින බව ද ඒ මහතා පැවසීය.

    මෙම පසුබිම හමුවේ පාරිභෝගික කටයුතු අධිකාරියට අවශ්‍ය බලතල ලබාදී වෙළෙඳ මාෆියාවෙන් මෙරට පාරිභෝගික ජනතාව කඩිනමින් මුදාගැනීම නව රජයට පැවරෙන ප්‍රමුඛතම කාර්යයක් වනු ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.