අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මරණකරු වයස අවුරුදු 50ක් වූ අළුත්මය, පිඹුරත්තෑව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු ඉකුත් 15 වනදා ඔහුගේ ත්රිරෝද රථයෙන් නිවසින් පිටවගොස් තිබේ.
නැවත නිවසට නොපැමිණි බවට ඔහුගේ පියා විසින් 2024.10.16 වනදා අරලගංවිල පොලිස් ස්ථානයට සිදුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධව විමර්ශන සිදු කරමින් සිටියදී, එම පුද්ගලයාගේ මෘත ශරීරය ZD ඇළේ තිබී හමුවී ඇත.
මරණකරුට අයත් ත්රිරෝද රථයද සිරුර හමුවූ ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් එම ඇළ තුළම තිබී සොයාගෙන තිබේ.
මියගිය පුද්ගලයාගේ සිරුර පොළොන්නරුව රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අරලගංවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.