Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මිනිස් පරිභෝජනයට නුසුදුසු මස් කිලෝ 12,000කට මුද්‍රා තැබේ

    December 8, 2025

    ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් පහළට

    December 8, 2025

    ”ආපදා හේතුවෙන් මානසික පීඩනයට ලක්ව ඇත්නම් ‘1926’ අමතන්න”

    December 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකාවට ඉතිහාසයේ නොලැබූ තරගාවලි ජයක්
    Sport

    ශ්‍රී ලංකාවට ඉතිහාසයේ නොලැබූ තරගාවලි ජයක්

    By LFNOctober 18, 2024No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17) සමත් විය.

    රාත්‍රී තරගයක් ලෙසින් මෙය දඹුල්ලේ දී පැවැත්විණි.

    මෙම ජයත් සමග තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

    ශ්‍රී ලංකාව ලැබූ මෙම තරගාවලි ජය සැලකෙන්නේ ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි20 තරග ඉතිහාසයේ ඔවුන් බ.ඉ. කොදෙව්වන්ට එරෙහිව ලැබූ පළමු තරගාවලි ජය ලෙසයි.

    දෙරට අතර පළමුවෙන්ම ද්විපාර්ශ්වීය විස්සයි20 තරගාවලියක් පැවැත්වූයේ 2015 වසරේදී ශ්‍රී ලංකාවේදීය.

    තරග දෙකකින් යුත් එම තරගාවලිය තරග 1-1ක් ලෙස සමත් තත්ත්වයෙන් අවසන් විය.

    කෙසේ නමුත් ඉන් අනතුරුව 2020 වසරේ ශ්‍රී ලංකාවේ පැවති තරගාවලිය තරග 2-0ක් ලෙසත්, 2021 වසරේදී කොදෙව් දූපත්හිදී පැවති තරගාවලිය තරග 2-1ක් ලෙසිත් ශ්‍රී ලංකාව පරාජය විය.

    ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 162ක් රැස්කිරීමට සමත් විය.

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී තරගයේ 18වැනි පන්දුවාරයේදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.

    ශ්‍රී ලංකාව ජයග්‍රාහී කඩයිම කරා රැගෙන ගිය ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ඉලක්කය සම්පූර්ණ කරගන්නා විටත් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 68ක් රැස්කරගෙන සිටියේය.

    කුසල් ඊයේ රැස්කළේ ඔහුගේ 15වැනි විස්සයි20 අර්ධ ශතකය විය.

    මෙහිදී කුසල් සමගින් දෙවැනි කඩුල්ලට ලකුණු 106ක සබඳතාවක් පැවැත් වූ කුසල් පෙරේරාද සිය විස්සයි20 දිවියේ 15වැනි අර්ධ ශතකය රැස්කරමින් නොදැවී ලකුණු 55ක් රැස්කරගෙන කඩුල්ලේ රැඳී සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    මිනිස් පරිභෝජනයට නුසුදුසු මස් කිලෝ 12,000කට මුද්‍රා තැබේ

    December 8, 20250117 Views

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවිපොළක, ගංවතුර හා විදුලිය ඇණහිටීම නිසා මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වූ මස්…

    ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් පහළට

    December 8, 2025

    ”ආපදා හේතුවෙන් මානසික පීඩනයට ලක්ව ඇත්නම් ‘1926’ අමතන්න”

    December 8, 2025

    දියේ ගිලී තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    December 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.