Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 5, 2025

    පාර්ලිමේන්තුවට ඇවිත් උත්තර දෙන්න මහ බැංකු අධිපති සූදානම්

    November 5, 2025

    කටුකුරුන්ද වෙරළ තීරයේ රු. කෝටි 3ක හෂීෂ්

    November 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ගැන ජනපතිගෙන් උපදෙස්
    Featured

    මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ගැන ජනපතිගෙන් උපදෙස්

    By LFNOctober 17, 2024No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    එසේම ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් එම ව්‍යාපෘති සැලසුම් කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (16) පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් සම්බන්ධව ද විශේෂ අවධානය යොමු කෙරිණි.

    දුම්රිය මාර්ග සම්බන්ධ ව්‍යාපෘති දුම්රිය සේවකයින්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරුවන අන්දමින් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට දැනුම්දී තිබේ.

    මේ අතර අක්‍රමවත්ව පවතින ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (16) පැවති කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනයේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    එම අමාත්‍යාංශවල දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.

    මෙතෙක් සිදුකර තිබෙන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපතිවරයා එම ව්‍යාපෘති යම් පමණකට සාර්ථක වුවත්, එමඟින් ග්‍රාමීය දිළිඳු භාවය කුමන මට්ටමකට විසඳී තිබේ දැයි යන්න ප්‍රශ්නයක්ව පවතින බවද කියා සිටියේය.

    එම නිසා ඉදිරියේදී ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන ඉලක්කය විය යුත්තේ ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

    රටම ආවරණය වන පරිදි ග්‍රාමීය දිළිඳු භාවය තුරන් කිරීම සඳහා නව පුළුල් වැඩපිළිවෙළක අවශ්‍යතාව ද මෙහිදී අවධානයට ලක් විය.

    දුප්පත්කම යනු මුදල් නොමැතිකම පමණක් නොව මිනිසුන් කොට්ඨාසයක් සමාජය තුළ කොන්වීම සහ බරපතළ සමාජ ව්‍යසනයක් බවද අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම වෙනුවෙන් ඉලක්ක සහගත වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 5, 2025

    පාර්ලිමේන්තුවට ඇවිත් උත්තර දෙන්න මහ බැංකු අධිපති සූදානම්

    November 5, 2025

    කටුකුරුන්ද වෙරළ තීරයේ රු. කෝටි 3ක හෂීෂ්

    November 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,390 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 5, 20250115 Views

    ගිනිඅවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු මුල්ලේරියාව, බාරොන් ජයතිලක මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය…

    පාර්ලිමේන්තුවට ඇවිත් උත්තර දෙන්න මහ බැංකු අධිපති සූදානම්

    November 5, 2025

    කටුකුරුන්ද වෙරළ තීරයේ රු. කෝටි 3ක හෂීෂ්

    November 5, 2025

    පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා බිරිඳව ඝාතනය කරයි

    November 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.