Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 2026

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මියගිය පුද්ගලයෙකු හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය පතයි
    Featured

    මියගිය පුද්ගලයෙකු හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය පතයි

    By LFNOctober 16, 2024No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මියගිය පුද්ගලයෙකු හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.

    නාඳුනන පුද්ගලයෙකු මියගොස් ඇති බවට 2024.10.01 වන දින හෝමාගම පොලිස් ස්ථානයට මෙලෙස පැමිණිල්ලක් ලැබී තිබුණි.

    එම මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් ද සිදු කෙරුණි.

    අනතුරුව මෘතශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය පවසයි.

    මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර උස අඩි 05 අඟල් 02ක් පමණ වන සාමාන්‍ය සිරුරක් ඇති පුද්ගලයෙකු බව පොලීසිය පවසයි. කෙසේවෙතත් මළසිරුර හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයේ පවතින බවද පොලීසිය සඳහන් කරයි.

    පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසය.

    හෝමාගම පොලිස් ස්ථානාධිපති – 0718 591 655
    හෝමාගම පොලිස් ස්ථානය – 0112855222

    මේ අතර 2024.10.04 වන දින රිය අනතුරකට ලක්වී මියගිය පුද්ගලයෙකු හඳුනාගැනීම සඳහා ද පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.

    කෑගල්ල පොලිස් වසමේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කි.මී 83 කණුව ආසන්නයේ මොලගොඩ ප්‍රදේශයේදී එම රිය අනතුර සිදුවී තිබුණි.

    ඉන් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු බරපතළ තුවාල ලබා තිබූ අතර ඔහුව කෑගල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇත. මියගිය පුද්ගලයාගේ සිරුර මේ වනවිට කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

    පොලීසිය සඳහන් කරන්නේ මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් අනන්‍යතාවය තහවුරු වී නොමැති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 2026

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 2026015 Views

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්…

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026

    ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමුවෙයි

    May 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.