Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

    May 13, 2025

    ලිංගික අතවර චෝදනා මත ගුරුවරයෙකු අත්අඩංගුවට

    May 13, 2025

    ජනතාව භීතියට පත් කරමින් වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 16ක් අත්අඩංගුවට

    May 13, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අයහපත් කාලගුණයෙන් ලක්ෂ එකහමාරක් පීඩාවට
    Featured

    අයහපත් කාලගුණයෙන් ලක්ෂ එකහමාරක් පීඩාවට

    By LFNOctober 15, 2024No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් එක්ලක්ෂ පනස් අටදහස් තුන්සිය අනූඑක් දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට පමණ මේ වන විට වැසි සහිත කාලගුණ තත්ත්වය බලපා තිබේ.

    ඒ හේතුවෙන් කොළඹ, කළුතර, ගාල්ල, මාතර, ගම්පහ යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක ගංවතුර තත්ත්වයන් ඇතිවිය.

    ගතවූ පැය 24 තුළ මිලිමීටර් 126.1ක් වූ වැඩිම වර්ෂාපතනය අම්පාර කල්මුණේ ප්‍රදේශයෙන් වාර්තා විය.

    කැලණි ගඟ පිටාරගැලීමෙන් කැලණිමුල්ල, කඩුවෙල ඇතුළු අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යටවූ අතර, අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගය ජාඇල කොටුගොඩ මංසන්ධිය ද ජලයෙන් යටවිය.

    කෙසේවෙතත් ගම්පහ නගරයේ පැවති ගංවතුර ක්‍රමයෙන් මේ වනවිට බැසයමින් තිබේ.

    කළු ගඟ සහ කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ඇතුළු පහත්බිම් රැසක් ජලයෙන් යට වූ අතර, ඒ හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බලපෑම් එල්ල විය.

    එමෙන්ම හැමිල්ටන් ඇල පිටාර ගැලීමෙන් පුත්තලම නාත්තන්ඩිය, තුම්මෝදර, මාවිල ඇතුළු ප්‍රදේශ රැසක් ද ජලයෙන් යටවිය.

    අත්තනගලු ඔය, කැලණි , කළු, ගිං ගංගා ද්‍රෝණිවල ගංවතුර අවදානම් තත්ත්වයේ අඩුවීමක් පෙන්නුම් කරන බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

    කෙසේ නමුත් අද රාත්‍රියේ මෙන්ම හෙටත් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් සියය ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ද අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බැවින් ඒ ආශ්‍රිතව අවදානම් ලෙස නම්කර ඇති මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන්නැයි එම දෙපාර්තමේන්තුව නාවුක සහ ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත.

    මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙමින් පවතින වැසි තත්ත්වයෙන් එම ප්‍රදේශවල ජනතාවගේ දෛනික කටයුතුවලට බලපෑම් එල්ල වී තිබේ.

    එමෙන්ම පොලීසිය රියදුරන්ට දැනුම් දී ඇත්තේ මීදුම් සහිත අවස්ථාවල රිය ධාවනයේදී සැලකිලිමත් වන ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

    May 13, 2025

    ලිංගික අතවර චෝදනා මත ගුරුවරයෙකු අත්අඩංගුවට

    May 13, 2025

    ජනතාව භීතියට පත් කරමින් වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 16ක් අත්අඩංගුවට

    May 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,895 Views
    Don't Miss

    ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

    May 13, 20250124 Views

    ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින්…

    ලිංගික අතවර චෝදනා මත ගුරුවරයෙකු අත්අඩංගුවට

    May 13, 2025

    ජනතාව භීතියට පත් කරමින් වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 16ක් අත්අඩංගුවට

    May 13, 2025

    සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොවේ – ඉන්දීය අගමැති

    May 13, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.