Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මූල්‍ය වංචා කළ වියට්නාම ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    May 7, 2026

    තමිල්නාඩුව භාරගන්න යන විජේට චන්ද්‍රිකාගෙන් සුබ පැතුම්

    May 7, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවත් චීන ජාතිකයින් පිරිසක් මහනුවර දී අත්අඩංගුවට
    Featured

    තවත් චීන ජාතිකයින් පිරිසක් මහනුවර දී අත්අඩංගුවට

    By LFNOctober 14, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහනුවර, අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතික පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු හා චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

    මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (13) දින සවස් කාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    මීට පෙර පසුගිය 12 වනදා දහවල් කාලයේ දී පල්ලෙකැලේ නත්තරන්පොත ප්‍රදේශයේදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතිකයින් 126 ක්, වියට්නාම ජාතිකයින් 02 ක්, තායිලන්ත ජාතිකයෙකු හා පිලිපීන් ජාතිකයෙකු ඇතුළු විදේශ ජාතිකයින් 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඒ අනුව ඊයේ දිනයේ අනිවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පිරිස නත්තරන්පොත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පිරිස සමග සම්බන්ධතාවයක් පවතිද යන්න පිළිබඳව විමර්ශන සිදුකරමින් පවතින බව පොලීසිය සඳහන් කළේය.

    මේ අතර ඊයේ දහවල් කාලයේ වැලිකඩ පොලිස් වසමේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේදී වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මහල් නිවාස සංකීර්ණයක් තුල සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතික පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු හා චීන ජාතික කාන්තාවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමට නියමිත බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මූල්‍ය වංචා කළ වියට්නාම ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    May 7, 2026

    තමිල්නාඩුව භාරගන්න යන විජේට චන්ද්‍රිකාගෙන් සුබ පැතුම්

    May 7, 2026

    ලාෆ් ගෑස් මිල ඉහළට

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මූල්‍ය වංචා කළ වියට්නාම ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    May 7, 202602 Views

    වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටිමින් මූල්‍ය වංචාවන් සිදුකළ වියට්නාම් ජාතික සැකකරුවන් හා සැකකාරියන් පිරිසක්…

    තමිල්නාඩුව භාරගන්න යන විජේට චන්ද්‍රිකාගෙන් සුබ පැතුම්

    May 7, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    ලාෆ් ගෑස් මිල ඉහළට

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.