මිහින්තලේ මහකනදරාව වැවට ජලය සොයා මේ දිනවල අලි ඇතුන් දෙසීයකට අධික රංචුවක් පැමිණෙන අතර එම අලි ඇතුන් නැරැඹීමට එන ඇතැම් පිරිස් ඩ්‍රෝන කැමරා යොදා ඡායාරූපගත කිරීමෙන් අලි ඇතුන් කුලප්පු කර පීඩාවට පත් කරන බව ප්‍රදේශවාසීහු පවසති.
එමෙන්ම එකී ඩ්‍රෝන යානා වලට බිය වී අලි ඇතුන් ආහාර සහ ජලය නොගෙනම නැවතත් කැලෑවට යන බවද ඔවුහු කියති. මේ නිසා රාත්‍රී වන විට මෙලෙස කැලෑ වැදුණු අලින් යළි ආහාර සහ ජලය සොයා ගම් වදින බව ඒ අවට මහකනදරාව ප්‍රදේශවාසීහු කියති. එලෙස පැමිණෙන
අලි ඇතුන් එළවා දැමීමට ඔවුන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වන බවද කියයි.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙලෙස එම සතුන්ට හිංසාකාරි වන ආකාරයට ඩ්‍රෝන කැමරා යැවීම පිළිබඳව වනජිවී දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් පැමිණ මෙම ඩ්‍රෝන කැමරා යැවීම නවතාලීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසයි.
මෙලෙස ඩ්‍රෝන කැමරා අලි ඇතුන් සමීපයට යැවීමේදී අලි ඇතුන් ජලය හා ආහාර ගනිමින් සිටියදී එය නවතා කුලප්පු වී සීසීකඩ කැලෑව තුළට නැවතත් දිව යන ආකාරය ඔවුන් සමාජ මාධ්‍යයට මුදාහැර තිබේ.
