Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අයහපත් කාලගුණය හේතුවෙන් තිදෙනෙකු ට දිවි අහිමි වෙයි
    Featured

    අයහපත් කාලගුණය හේතුවෙන් තිදෙනෙකු ට දිවි අහිමි වෙයි

    By LFNOctober 14, 2024No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අංගොඩ, කැලණිමුල්ල හන්දිය ප්‍රදේශයේදී ගංවතුරේ ඔරු පැදීමට ගොස් ඔරුව පෙරලී අතුරුදන්ව සිටි අයෙකුගේ මළ සිරුරක් ඊයේ (13) සොයා ගැනුණි.

    මෙලෙස මියගොස් ඇත්තේ කැළණිමුල්ලේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

    ඒ අනුව පසුගිය 7 වනදා සිට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ දක්වා තිදෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    දිස්ත්‍රික්ක 12කට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වැඩි බලපෑමකට ලක්ව ඇති අතර එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක පවුල් 29,980කට අයත් පුද්ගලයින් 118,032 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

    ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින පිරිස් මුදාගැනීමට සහ ආපදා සහන සේවා සැලසීම වෙනුවෙන් ප්‍රදේශ රැසක නාවික හමුදා සහ යුද හමුදා ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකව පවතී.

    මේ අතර, ගෙවුණු පැය 24ක කාලයේ මිලිමීටර් 70.2ක වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයේ අංගොඩ ප්‍රදේශයෙනි.

    කාලගුණ අනාවැකිය අනුව පසුගිය දිනවලට සාපේක්ෂව මේ වනවිට වැසි තත්ත්වයේ යම් අඩුවීමක් ඇතත් ප්‍රධාන ගංගා කිහිපයක් පිටාර ගැලීම හේතුවෙන් තවමත් බොහෝ ප්‍රදේශවල ජලගැලීම් වාර්තා වේ.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව කැලණි ගඟ නාගලගන්වීදිය ජලමාපක ප්‍රදේශයෙන් තවමත් සුළු ගංවතුර තත්ත්වයක පසුවන අතර එම තත්ත්වයේ පැවති හංවැල්ල ජලමාපකයේ ජල මට්ටම පහත බැස ඇත.

    එමෙන්ම කළු ගඟ ද මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයේ පවතින අතර අත්තනගලු ඔය ද දූනමලේ ප්‍රදේශයෙන් පවතින්නේ සුළු ගංවතුර මට්ටමේ ය.

    ඒ අනුව කැලණි සහ කළු ගංගා දෙපස මෙන්ම අත්තනගලු ඔය ආශ්‍රිත පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටවී පවතින්නේ ජන ජීවිතයට දැඩි බාධා පමුණුවමිනි.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඊයේ මධ්‍යාහ්න 12ට නිකුත් කළ අනතුරු ඇගවීමේ නිවේදනයේ දැක්වෙන්නේ ඉදිරි පැය 48 සඳහා ද කැලණි ගඟ ද්‍රෝණියේ ගංවතුර අවදානම දිර්ඝ කෙරෙන බවය.

    කැලණි ගඟ හංවැල්ල, මල්වාන, කඩුවෙල, කැලණිමුල්ල, නාගලගන්වීදිය, වැල්ලම්පිටිය ඇතුළු ගඟ දෙපස ප්‍රදේශවල පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබුණි.

    කඩුවෙල නගරයට ජලයෙන් යටවීමත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුම තවමත් ජලයෙන් යටව පවතී.

    මේ අතර, අත්තනගලු ඔය පිටාර ගැලීමත් සමඟ ගම්පහ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග 4ක් ජලයෙන් යටවී පවතින අතර ගම්පහ නගරයේ කඩසාප්පු ද ජලයෙන් යට විය.

    අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ද ඉදිරි පැය 48 සඳහා දිර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

    එමෙන්ම කළු ගඟ සහ කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීමෙන් ගමනාගමන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.