Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

    May 13, 2025

    ලිංගික අතවර චෝදනා මත ගුරුවරයෙකු අත්අඩංගුවට

    May 13, 2025

    ජනතාව භීතියට පත් කරමින් වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 16ක් අත්අඩංගුවට

    May 13, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න – ජනපති
    Featured

    විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න – ජනපති

    By LFNOctober 13, 2024No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

    එසේම අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර සහ නායයෑම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, සහන සේවා කටයුතු කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ද දැනුම්දී තිබේ.

    හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ජනතාවට අවශ්‍ය සහන සැලසීමට රජය කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, අදාළ පළාත්වල රාජ්‍ය නිලධාරින් සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරියේ දී ජනතාවට එම සහන ලබාගත හැකි බවත් පැවසීය. එතෙක් පරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මෙම සහන සේවා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 50ක් වෙන් කරන ලෙස මුදල් අමාත්‍යාංශයට උපදෙස් දුන් ජනාධිපතිවරයා අදාළ සහන නිසි පරිදි ජනතාව අතට පත් කිරීමට මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරන ලෙසද රාජ්‍ය නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම්දී ඇත.

    පසුගිය දින කිහිපය තුළ දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක ඇතිවූ ගංවතුර සහ නායයම් නිසා පවුල් 6,018ක පුද්ගලයන් 24,492ක් විපතට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

    සහන මධ්‍යස්ථාන 23ක, පවුල් 584ක පුද්ගලයන් 2,200ක් මේ වන විට ආරක්ෂිතව රඳවාගෙන තිබේ.

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය හරහා ආපදාවට පත් සියලු දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් මේ වනවිට සහන සේවා කටයුතු ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳ තොරතුරු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ඇමතුම් මැදිරිය සහ 0112 136 136, 0112 136 222, 0112 670 002 දුරකථන අංක ඇමතීමෙන් දැනුම් දිය හැකිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

    May 13, 2025

    ලිංගික අතවර චෝදනා මත ගුරුවරයෙකු අත්අඩංගුවට

    May 13, 2025

    ජනතාව භීතියට පත් කරමින් වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 16ක් අත්අඩංගුවට

    May 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,895 Views
    Don't Miss

    ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

    May 13, 20250124 Views

    ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින්…

    ලිංගික අතවර චෝදනා මත ගුරුවරයෙකු අත්අඩංගුවට

    May 13, 2025

    ජනතාව භීතියට පත් කරමින් වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 16ක් අත්අඩංගුවට

    May 13, 2025

    සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොවේ – ඉන්දීය අගමැති

    May 13, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.